වස මිශ්‍ර සහල් ආනයනය කර ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කළ තොරතුරු අසත්‍ය හා පදනම් විරහිත බව වැඩබලන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.