රැජිනට ගෞරව දක්වන පෝලිම සීමාව ඉක්මවයි
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් මාලිගයේ සැතපෙන දෙවැනි එලිසබෙත් රැජිනට ගෞරව දැක්වීම සඳහා පෝලිමේ රැඳී සිටින මහජනතාව හමුවී කතාබහ කර තිබේ.
රැජිනගේ දේහයට ගෞරව දැක්වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ශෝකවන්නන් පෝලිම්වලට එක්වීම නිසා එක්සත් රාජධානියේ රජය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවද කියැවෙයි.
එරට ඩිජිටල්, සංස්කෘතික, මාධ්‍ය සහ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ (DCMS) සංවිධායකයන්ට පසුගිය පැය 24 තුළ දෙවතාවක් පෝලිම වසා දැමීමට සිදුවූයේ ගෞරව දැක්වීමට පැමිණෙන සංඛ්‍යාව අපේක්ෂිත සංඛ්‍යාව ඉක්මවා ගොස් ඇති බැවිනි.
එහිදී ශෝකයෙන් පිරුණු ජනතාව අතරට පැමිණි තෙවැනි චාල්ස් රජු සහ විලියම් කුමරුද ඔවුන් සමග කතාබහ කරමින් ශෝකය බෙදාගත් බව විදෙස් වාර්තා පවසයි.
සඳුදා දෙවැනි එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය කටයුතු සඳහා සූදානම් වීමත් සමඟ රජු පොලිස් මූලස්ථානයට පැමිණියේ සැලසුම්කරණයට සම්බන්ධ හදිසි සේවා සේවකයින්ට ස්තූති කිරීම වෙනුවෙනි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

