අඹේවෙල හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාවේ සිදු කර ඇති විශාල ඉන්ධන වංචාව සම්බන්ධයෙන් සිදු කරන ලද පරික්ෂණ වාර්තාව තමන් වෙත ලැබි ඇති බවත්, එයට සම්බන්ධ සේවකයින් කිහිප දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත් බවත්, වංචාව සම්බන්ධයෙන් අපරාධ විමර්ෂණ අංශයට පැමිණිල්ලක් සිදු කරන බව මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා මහතා පැවසිය.
රේණුක පෙරේරා මහතා (19) දින ඒ බැව් කියා සිටියේ අඹේවෙල හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාවේ නිරික්ෂණ චාරිකාවකට එක් විමෙන් අනතුරුව මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමිණි.
අඹේවෙල හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාවේ සේවකයින් සමගද සාකච්ඡා කල රේණුක පෙරේරා මහතා එම සේවකයින් හමුවේ කියා සිටියේ මෙම ආයතනය තුල කාර්යක්ෂමව අවංකව සේවය කර ලාභ උපයන ආයකනයක් බවට පත් කිරිමට කැපවිමෙන් කටයුතු නොකලහොත් අඹේවෙල හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාව පුද්ගලිකරණය කිරිමේ අවධානමක් ඇති විය හැකි බවයි.
මෙහිදි වැඩිදුරටත් මාධ්‍යට අදහස් දැක් වු රේණුක පෙරේරා මහතා කියා සිටියේ
මිල්කෝ ආයතනයේ අඹේවෙල කර්මාන්ත හාලාවට එන්න විශේෂ හේතුවක් තියෙනවා , 2019 වසරේ අග භාගයෙත් , 2020 සහ 2021 වසරේ බරපතල වංචාවක් මෙම ආයතනය තුල සිදුවෙලා තියෙනවා.
ඩිසල් ලිටර් එක්ලක්ෂ තිස් දෙදහසකට අධික ප්‍රමාණයක් වංචනික ලෙස අලෙවි කර ඇති බවට මට තොරතුරු අනාවරණය වුණා.
ඒ අනුව පසුගිය සතියේ විමර්ෂණ කණ්ඩායමක් මම මේකට යෙදෙව්වා. එම විමර්ෂණ වාර්තාව මම භාරගත්තා.
ඒ වාර්තාව අනුව මෙම ස්ථානයට පැමිණ අවශ්‍ය මුලික ක්‍රියාමාර්ග ගත්තා , (20) දින මේ සම්බන්ධයෙන් අපරාධ විමර්ෂණ ඒකකයට පැමිණිල්ලක් කිරිමට කටයුතු කරනවා.
මේ සම්බන්ධයෙන් අපරාධ විමර්ෂණ අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග දුරකථනයෙන් සම්බන්ධ වෙලා උපදෙස් ලබාගත්තා.
වාර්තාවේ පොඩි වැරුද්දක් තිබුණා ඒ වරදට සම්බන්ධ අය අනිවාර්ය නිවාඩු යැවිමක් සිදු කරලා තිබුණේ නැ , දින ඒ සම්බන්ධ අදාල ක්‍රියාමාර්ග මම ගත්තා.
වරදට සෘජුව සම්බන්ධ පුද්ගලයාගේ සහ එය අධික්ෂණය කල නිලධාරියාගේ වැඩ තහනම් කිරිමටත් , එම අංශයේ නිලධාරියෙකු තොරතුරු සදහන් නොකිරිම නිසා ස්ථාන මාරු විමක් කිරිමටත් අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට අරගෙන තියෙනවා.
සිමිත පිරිසක් මෙම වරද සිදු කරලා තියෙන නිසා තමයි වසර දෙකකට අධික කාලයක් මේක රහසක් හැටියට තිබුණේ.
මේකට ඉහලින් කවුරු හරි හිටියාද යන්න සොයා බැලිමට තමයි අපරාධ විමර්ෂණ අංශයට පැමිණිල්ලක් කරන්නේ.
ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ ඇතැම් නිලධාරින්ගේද සහයක් තිබුණු බව පෙනි යනවා.
කොප් කමිටුව මගින් අවස්තා ගණනාවකදි මෙම ආයතනයට කියලා තියෙනවා විගණන අංශයක් ස්ථාපනය කරන්න කියලා. ඒක සිතා මතාම සිදු කරලා නොමැති බවක් තමයි පෙනි යන්නේ."