ගැටඹේ බෝධිය සහ චෛත්‍යය පරිශ්‍රය ගිලාබැසීමේ අවදානමක
වසර 500 කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන ගැටඹේ බෝධිය සහ චෛත්‍යය පරිශ්‍රය මහවැලි නදියට ගිලාබැසීමේ අවදානමක් මතුව ඇති බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමියෝ පවසති .
බෝධීන්වහන්සේ පිහිටි පරිශ්‍රයේ ඇති චෛත්‍ය රාජයාණන් වහන්සේ ඇතුළු ගොඩනැගිලි කිහිපයක්ම ඇති ප්‍රදේශයේ බිම ඉරිතලා ගොස් තිබෙන බව පෙන්වා දෙන සිරිවිමල නා හිමියෝ මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර නොගතහොත් ඓතිහාසික පුදබිමේ කොටසක් මහවැලි නදියට බිලි වීම වැළැක්විය නොහැකි බවද අවධාරණය කර සිටි .
පුදබිමේ ඉවුරු ඛාදනය වීම වැළැක්වීම සඳහා2021 වසරේදීරුපියල් මිලියන 210 ක වියදමක් දරා ආරක්ෂක බැම්මක්ඉදිකිරීම සඳහා වැඩකටයුතු ආරම්භ කරනු ලැබුඅතර ඒ සඳහා බෝධීන් බෝධීන්වහන්සේ පිහිටි පරිශ්‍රය දක්වාම පස් ඉවත් කිරීමට පියවර ගෙන තිබූනත් මුදල් අපහසුතා හේතුවෙන්වැඩකටයුතු අතරමග නතර කිරීම හේතුවෙන්පුදබිම ආශ්රිත ප්‍රදේශය විශාල අවදානමකට ලක්ව තිබෙන බව ද සිරිවිමල නා හිමියෝ පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් කළ දැනුම්දීමකට පසු ක්‍රීඩා තරුණ කටයුතු හා මහවැලි අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අදාළ බලධාරීන් සමඟ ගැටඹේ පුදබිමට පැමිණනිරීක්ෂණය කිරීමෙන් අනතුරුවඑහි ඇති අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගෙන දැන් මේ ඉදිකිරීම් කටයුතු යළි කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ඇමතිවරයාපොරොන්දු වී තිබේ .
ෂේන් සෙනෙවිරත්න



popular news
-
Kumar Monday, 19 September 2022 04:45 PM
maywani gilabasim siduwennay kisima salasmak nathiwa godangili thanima nisayi. Anagathye maywani gilabasimak Sripada kandumudunata siduwenna idathibenawa. Robert Nox ge pothey chithraye sri pada kandumuduney thibuney ithamath sarala awaranayk. dan kandumuduney hatharawateyma godanagili. lankawe thibena pashana adhikalesa therapeemata lukweemen saduna pashana wargayk nisa kadawatimakata lakwiya haka.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

