පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස හඳුන්වා දෙමින් පාදුක්ක ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකුගෙන් රුපියල් ලක්ෂ පහක කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ හිටපු නාවික සෙබළුකු හොරණ නගරයේදී අද (18) අත්අඩංගුවට ගත් බව එම ඒකකය පවසයි.
අත්අඩංගුවට ගත් සෙබලා සන්තකේ තිබී හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 12 කට අධික ප්‍රමාණයක් පොලිසිය භාරයට ගෙන ඇත.
පානදුර වලාන දූෂණ මර්දන ඒකකය ඒකකයේ ස්ථානාධිපතිවරයා බව හඟවා විවිධ ප්‍රදේශ වල විවිධ ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුගෙන් කිසියම් පුද්ගලයෙකු ලක්ෂ පහළොවකට අධික කප්පම් මුදල් වරින් වර ලබාගෙන ඇති බවට එම ඒකකයට මීට මාසෙකට පමණ ඉහත දී ලද තොරතුරු අනුව විමර්ශන සිදුකරන සිදු කරන අතරවාරයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති වරයා බව පැවසූ කිසියම් අයෙකු කිසිදු බාධාවකින් තොරව මත්පැන් ජාවාරම සිදු කිරීමට අවශ්‍ය නම් ලක්ෂ 15 ක මුදලක් තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටි බව පවසමින් පාදුක්ක ප්‍රදේශයේ පුද්ගලයකු එම ප්‍රදේශයේ වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමට තොරතුරක් ලබාදුන් බව පොලිස් නිලධාරියකු පැවැසීය.
ඉල්ලන ලද එම මුදල් ලබා දෙන බවට පොරොන්දු වී ඉතා සූක්ෂම ලෙස සැකකරු හොරණට ගෙන්වා අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියා පැවැසිය.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34 ක් වන මහනුවර පදිංචිකරුවෙකි. සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.