saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 5192 hours ago

LATEST

ටෙස්ට් තරග දෙකකට පාකිස්තානය ලංකාවට එයි

calendar_today 2022 ජුනි 22 - 15:44 remove_red_eye - 1017  

අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරග දෙකක් සඳහා ක්‍රීඩා කිරිමට පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන මස ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

හැටන් නගරයේ පිහිටි අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හලට අද (22දා) පෙට්‍රල් ලිටර් 6600 නිකුත් කිරිමත් සමග එම ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනිමට විශාල පිරිසක් දිගු පොලිම් වල රැඳී සිටියහ.

Read More

කවුද මේවට වගකියන්න ඕනේ? රාජපක්ෂවරු ප්‍රධාන වශයෙන් වගකිව යුතුයි. නිලධාරී මණ්ඩලය, භාණ්ඩාගාරයේ අධිපතිවරු ඇතුළු ඒ වගේම මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු පිරිසක් එකාවන්ව වගකිව යුතුයි මේ එකට අනුකූලව කටයුතු නොකිරීම හා එම් එල් ඒ ඇක්ට් එකට මොනිටරි ලෝ ඇක්ට් එකට අනුකූලව කටයුතු නොකිරීම විසින් ඔවුන් කරලා තියෙන අපරාධය.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග එක්ව කටයුතු කරනවාද සහයෝගයෙන් ඉදිරියට යනවාද යන්න පිළිබඳව විශේෂ තීන්දුවක් ගැනීමට නව වැනිදා රැස්වීමට නියමිත මහසභාව බලාපොරොත්තු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා(21) පැවසීය.

Read More

කල්පිටිය පොලිස් බල ප්‍රදෙශයට අයත් ඒත්තාල ඉන්ධන පිරවුම් හලේ පෝලීමේ ඇතිවූ ගැටුමක් හේතුවෙන් අද (22දා) පුද්ගලයින් සිව් දෙනෙකු, බරපතළ කැපුම් තුවාල ලබා කල්පිටිය හා පුත්තලම රෝහල්වලට ඇතුලත් කර ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.

Read More

ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාමවැටුපට බල නොපාන පරිදි රජයේ සේවකයන්ට විදෙස් රැකියාවට යාමට අදාළ චක්‍ර ලේඛ්‍ය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.

Read More

සහල් රජයේ පාලන මිලට ඉදිරි මාස තුනක කාලයක් දක්වා අලෙවි කරන බවත් පාලන මිලට සහල් අලෙවි නොකරන වීමෝල් වටලා වී තොග රජයට පවරාගත යුතු බවත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සහල් ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා අද (22දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

Read More

ඉන්දීයාවේ තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් මෙරටට ලබාදුන් මානුෂීය ආධාර බෙදීමේදී තමන්ට අසාධාරණයක් සිදුව ඇතැයි පවසමින් තලවකැලේ, ආගරපතන, ටොරින්ටන් වතුයායේ වතු කම්කරුවන් පිරිසක් අද (22දා) විරෝධතාවයක නිරත වුහ.

Read More

දිවයිනෙහි නාගරික ප්‍රදේශ 50 ක් සඳහා සංවර්ධන සැලසුම් සකස් කර අවසන් බවත් එම නගර සංවර්ධන සැලසුම් කඩිනමින් ගැසට් කිරීමට පියවර ගන්නා බවත් නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

Read More

රුසියාවෙන් තෙල් ලබාගැනීමට අවශ්‍ය නම් රුසියාව හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමකට අත්සන් කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා තමන් ඇතුළු ආණ්ඩුවෙන් ඉවත්ව සිටින පිරිස සමග පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බව විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවට පැවැසීය.

Read More

ශ්‍රී ලංකා රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසින් අද (22දා) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබිණි.

Read More

ශ්‍රී ලංකාවේ අර්බුදය විසදීමට ඇති එකම මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යාම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

හෙරොයින් මත්කුඩු, අයිස් මත්ද්‍රව්‍ය මුදල් සහ රන් ආභරණ තොගයක් සමග දෙමටගොඩ සියපත් සෙවණ මහල් නිවාස සංකීර්ණයේ දී කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More

කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1300ක් දක්වාත් බිත්තරයක මිල රුපියල් 50 ක් දක්වාත් මිල ඉහල යෑමත් සමග බලන්ගොඩ ප්‍රදේශයේ ඒවා සඳහා ඇති ඉල්ලුම සියයට හැත්තෑවකින් පමණ පහත බැස ඇතැයි වෙලෙඳසල් හිමියෝ සදහන් කරති.

Read More

රට ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ලබාදෙන බවත් ඉන්ධන මිල වැඩිවිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

පවතින අර්බුදකාරී තත්ත්වය යටතේ ලබන සතියේ පාසල් පැවැත්වීම පිළිබඳ තීරණය එළැඹෙන සිකුරාදා දිනයේදී ගැනීමට බලාපොරොත්තුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Read More

2022 යල කන්නය සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට හදිසි අවශ්‍යතාවය මත ලබා දෙන යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක තොගය ජූලි මස 06 දින ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇති බැවින් ඒවා ශ්‍රී ලංකාවට ලැබුනු වහාම රටපුරා බෙදා හැරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් විධිමත් වැඩ පිළිවෙළක් අරඹා ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

කොටුව හා තලංගමදී සිදුකළ විරෝධතා ව්‍යාපාර ‌සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස ප්‍රකාශයට පත්කර ඇති රතිඳු සේනාරත්න, ළහිරු වීරසේකර, වසන්ත මුදලිගේ යන අය අද පෙරවරවේ ‌මරදාන පොලීසිය වෙත භාර වී තිබේ.

Read More

අගලවත්ත, සමරනායක මාවත අසල ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙකු ලොරි රථයක ගැටී ඊයේ (21දා) රාත්‍රි ජීවිතක්ෂයට පත්වූ බව අගලවත්ත පොලීසිය පවසයි.

Read More

අබලි යකඩ එකතු කරන මුවාවෙන් විවිධ වර්ගයේ බෝම්බ එකතු කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු කිලිනොච්චිය කච්චායි, පූලෝප්පලෙයි ප්‍රදේශයේදී පොලිස් විශේෂකාර්ය බලකාය විසින් ඊයේ (21දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මීට පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට විපක්ෂය පැත්තෙන් අසුනක් හිමිවිය. ආණ්ඩු පක්ෂයේ ආසන මන්ත්‍රීවරුන්ගෙන් පිරී ඇති හෙයින් දැනට ආණ්ඩුවේම පසුපෙල මන්ත්‍රීවරු පිරිසක් විපක්ෂය පැත්තේ අසුන් ගන්වා තිබේ.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සමගි ජන බලවේගයේ පිරිසක් කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වටලා විරෝධතාවක් ආරම්භ කර තිබේ. මෙම විරෝධතාව හේතුවෙන් හයිලෙවල් මාර්ගය තර්ස්ටන් විදුහල අසළින් අවහිර වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා ඇතුලු දූත පිරිසක් ඊයේ (21දා) යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වෙමින් උතුරු පලාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා සහ යාපනය මහ නගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා හමු විය.

Read More

ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර කලාපයට බලපෑ රික්ටර් මාපක 5.9ක ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 255ක් මිය ගොස් තවත් සිය ගණනක් තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තා පවසයි.

Read More

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායකවරයා ඉදිරියේ අද(22දා) දිවුරුම් දුන්නේය.

Read More

චීනය අභ්‍යවකාශයේ ඉදිකරමින් පවතින මධ්‍යස්ථානයෙහි 2021 ඔක්තෝබර් සිට 2022 අප්‍රේල් දක්වා මාස හයක ඓතිහාසික මෙහෙයුමක් නිම කළ ෂෙන්ෂෝ-13 ගගනගාමීන් තිදෙනාට පදක්කම් පිරිනමා තිබේ.

Read More

මල්වත්ත බන්ධනාගාරයේ සිට කළුතර අධිකරණ භූමියට රැගෙන එන ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ලබාදීම සදහා දෑත් දෙපා වල ගැටගසාගෙන හෙරොයින් මත්කුඩු , කේරළ ගංජා, දුම්කොළ සහ ජංගම දුරකථන රැගෙන පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි.

Read More

Hamilton Reserve Bank Ltd විසින් එම නඩුවේදී කියා සිටියේ, පැහැර හැරීම පාලක රාජපක්ෂ පවුල ඇතුළු ආණ්ඩුවේ ඉහළම මට්ටමේ නිලධාරීන් විසින් සංවිධානය කළ එකක් බවය.

Read More

වෛරස් රෝගය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවේ, සිංගප්පූරුවේ සහ දකුණු කොරියාවේ මන්කිපොක්ස් වසංගතය පිළිබඳ තහවුරු වූ හෝ සැක සහිත රෝගීන් වාර්තා වී ඇති බව දෙරටේ සෞඛ්‍ය බලධාරීහු පවසති.

Read More

එක්සත් ජනපදය තුළ යළිත් වටයකට කොවිඩ්-19 හි ඔමික්‍රොන් ප්‍රභේද හිසඑසවීමක් වාර්තා වීමත් සමග මෙසේ එන්නත්කරණය යළිත් වේගවත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.