saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 5186 hours ago

LATEST

චීන තානාපති මහජන ආරක්ෂක ඇමති හා විදේශ රැකියා ඇමති හමුවෙයි

calendar_today 2022 ජුනි 23 - 22:33 remove_red_eye - 279  

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ශෙන්හොන් මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හා විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අතර හමුවක් පැවැත්වීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයටද අනුව මේ වනවිට මන්කිපොක්ස් වෛරසය ලොවපුරා රටවල් රැසකින් හඳුනාගෙන ඇති අතර, මෙම සතිය වනවිට එය අග්නිදිග ආසියානු කලාපයටද ඇතුළු වී තිබුණි.

Read More

රාජ්‍ය අංශයේ සේවකයන්ට පෞද්ගලික අංශයේ රැකියා සඳහා එක්විය හැකිදැයි සෙවීම රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කමිටුවක් පත්කර තිබේ.

Read More

ලෝක බැංකුවට අනුව, යුක්රේන අර්බුදය ගෝලීය ආහාර, ඉන්ධන සහ පොහොර වෙළෙඳපොළවල් කඩාකප්පල් කිරීම මගින් මෙම බලපෑම් තවදුරටත් උග්‍ර කර ඇත.

Read More

මේ අනුව පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළදී ක්ෂණික මිලදී ගැනීම යටතේ වැඩි මිලට ඉන්ධන ලබා ගැනීම, ප්‍රමාද ගාස්තු වශයෙන් නැව්වලට මුදල් ගෙවීම සහ වැඩිපුර නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු ගෙවීම නිසා රටට ඩොලර් මිලියන 68කට ආසන්න මුලදක් අහිමි වී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.

Read More

යුක්රේනය යුරෝපා සංගමය වෙත ඇතුළු වීම රුසියාවේ උදහසට හේතුවත් වනු ඇති බව කියවුණත්, මෑතකදී රුසියානු නායක ව්ලැදිමීර් පූටින් පවසා තිබුණේ ආර්ථිකමය වශයෙන් වන සන්ධානයකට යුක්රේනය ඇතුළු වීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවය.

Read More

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) වල කටයුතු මාධ්‍ය වෙත නිරාවරණය නොකිරීමට තීරණය කර තිබෙන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

Read More

(UPDATE) වරකාපොළ ඉන්ධන පිරවුම්හළක් තුළදී පොලිස් නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ලුතිනන්වරයා ඇපමත මුදාහැර තිබේ. සැකකාර ලුතිනන්වරයා වරකාපොළ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප නියමකර ඇත.

Read More

‘ගෝඨා - රනිල් ගෝ හෝම්’ යන පොදු තේමාව යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගෙදර යවන දැවැන්ත ජනතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්රාහ මහතා ප්‍රමුඛව ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගෙන් සමන්විත දූත පිරිසක් අද (23දා) ශ්‍රී ලංකාවට පැමිණි ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීය.

Read More

වැඩි මිලට සහල් අලෙවි කරන ලද වෙළෙදුන් 186 ක් සහ මිල ප්‍රදර්ශනය නොකළ සහ සහල් විකිණීම ප්‍රතික්ෂේප කළ වෙළෙදුන් 479 ක් අත්අඩංගුවට ගෙන නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

Read More

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද සුඛෝපභෝගි මෝටර් රථ තුනක් ඔරුගොඩවත්ත රේගු අංගනයේදී රේගුව භාරයට ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

සෞඛ්‍යයට ඉන්ධන ලබා දෙන දිනය සිකුරාදා ලෙස වෙන් කරමින් ඛනිජ තෙල් අමාත්‍යවරයා ගනු ලැබූ පුස් තීරණයත් සමග එක් ලක්ෂ පනස් දහසක් පමණ වන සෞඛ්‍ය සේවකයින් ඉන්ධන පිරවුම්හල් වටා රොක් වූ කළ රෝහල් වල තනිවන රෝගීන්ට අබ සරණයි යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

Read More

දෙරටේ ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමට කාලය එළැඹ තිබෙන බවත් එමගින් ඇගලුම්, කෘෂිකර්ම, සෞඛ්‍ය හා ආයෝජන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ප්‍රගතිය අත්කරගත හැකි බව ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තාරෙක් අරිෆුල් ඉස්ලාම් මහතා පවසයි.

Read More

ඉන්ධන මිල වැඩි කිරීම හෙට සිට ක්‍රියාත්මක වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා‌වේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත් සේවය වාර්තා කරයි.

Read More

හම්බන්තොට වරාය ඉදිකිරීම සදහා ලබා ගෙන තිබූ විදේශ ණය ප්‍රමාණය රජයේ කිසිදු ගිණුම් ප්‍රකාශනයක මේවන විට නොපෙන්වන බවද මෙහිදී කෝප් කමිටුව හමුවේ වැඩිදුරටත් අනාවරණය විය.

Read More

LONG READS - ’’මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධනයන් ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ’’ අවසන් වාර්තාව, එහි සභාපති සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, 2022.06.22 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමි පැමිණිල්ලක් කිරීම සඳහා අද (23දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියහ.

Read More

බේරුවල අයි.ඕ.සී ඉන්ධන හලේ රාජකාරි කටයුතු වලට බාධා වන ලෙස ගාල් කර දමාගොස් තිබූ අයිතිකරුවන් නොහඳුනන යතුරුපැදි දහයක් අද(23දා) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලීසිය පවසයි.

Read More

ගංජා සමග අත්අඩංගුවට ගත් සැමියාට විරුද්ධව මහාධිකරණයේ නඩු නොපවරන ලෙස පවසා අවිස්සාවේල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට පොලිසිය තුළදී රුපියල් ලක්ෂ එකහමාරක අල්ලස් මුදලක් ලබා දුන් කාන්තාවක අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (22දා) අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි.

Read More

පැය කිහිපයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය රජයේ ඉහළ පෙලේ නියෝජිත පිරිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා සාකච්ඡා පැවැත්වීය.

Read More

සමීප මිතුරෙකු ලෙස උද්ගතව ඇති අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහාය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා පවසයි.

Read More

චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ හාල් තොගයෙන් පළමු කොටස් ද්විත්වය එළැඹෙන 28 දා හා ජුලි 06 දා කොළඹ වරායට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

හෝමාගම මාකුඹුර ව්‍යාපාරිකයෙකුගේ නිවසේ සඟවා තිබූ රුපියල් ලක්ෂ පහකට අධික ඩීසල් තොගයක් සමග එම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

Read More

පාපැදි සදහා මේ වන විට ලීසිං සමාගම් විසින් ණය ලබා දිම ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

Read More

2022 යල කන්නයේ ගොවීන් සඳහා ඉන්ධන නිකූත් කිරිමේ වැඩ සටහන යටතේ දිවයින පුරා ඉන්ධන හල් 247කින් පහසුකම් සැලසීමට කටයුතු කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

බටගොඩ ඉන්ධන පිරවුම්හලේ ඩීසල් ලබා ගැනීම සඳහා ලොරියක සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. දින පහක් ඔහු ඉන්ධන ලබාගැනීමේ අපේක්ෂාවෙන් ඩීසල් පෝලිමේ රැදී සිට ඇත. මෙසේ මියගොස් ඇත්තේ සංඝරත්න මාවත, අහංගම ප්‍රදේශයේ පදිංචිව සිටී 63 හැවිරිදි වීරප්පුලි සුනිල් නැමැති පුද්ගලයෙකු බව සදහන් වේ.

Read More

මන්නාරම වලෙයිකුඩා මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ධීවරයින් පිරිසකට ඉතා දුර්ලභ ඝනයේ මත්ස්‍ය විශේෂයක් වූ සන් ෆිෂ් නැමති මත්ස්‍යයෙකු ඇතුලු සරු මත්ස්‍ය අස්වැන්නක් ඊයේ (22දා) ලැබී ඇතැයි වාර්තා වෙයි.

Read More

පසුගිය 21 වනදා මෙම ධීවරයින් යාත්‍රාවකින් මසුන් ඇල්ලීමට ගොස් ඇති අතර ඊයේ (22) දිනය වන විට නැවත වෙරළට පැමිණිය යුතු වුවද මේ දක්වා නොපැමිණීම හේතුවෙන් ඥාතීන් විසින් මේ පිළිබඳව පේදුරුතුඩුව පොලීසියට සහ නාවික හමුදාවට දැනුම් දී ඇත. පොලීසියට දැනුම් දී ඇති ඥාතීන් පවසා ඇත්තේ අතුරුදහන්ව ඇති ධීවරයින් සොයා යෑම සඳහා සෙසු ධීවරයින්ගේ යාත්‍රාවලට ඉන්ධන නොමැති බැවින් නාවික හමුදාවේ සහයෙන් ධීවරයින් සොයා දෙන ලෙසටය.

Read More

ඉන්දියාවේ කොන්ඩිච්චේරි හා කාරෙක්කාල් වැනි වරායන් වල සිට කන්කසන්තුරේ වරායට අවශ්‍ය භාණ්ඩ ගෙන ඒම සදහා වු යෝජනාවක් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඒ සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.