චීනයේ කොවිඩ්-19 පොදු ප්‍රතිපත්තිය අනුව චීන සංචාරකයින් ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණීම ආරම්භ කරනු ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා පැවැසීය.
චීන නියෝජිතවරයා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති හමුවකදී තානාපතිවරයා මේ බව පැවැසීය. ශ්‍රී ලංකාව සහ මහජන චීන සමූහාණ්ඩුව අතර පවතින සුහද සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී පුළුල් පරාසයක කරුණු රැසක් සාකච්ඡා කර තිබේ.
එළඹෙන 20 වැනි ජාතික සම්මේලනය චීනයේ සමාජවාදී ගොඩනැගීමේ නව සන්ධිස්ථානයක් වනු ඇති බව සඳහන් කරමින් චීන කොමියුනිස්ට් පක්ෂයේටද සුබපැතුම් පළ කරමින් රාජපක්ෂ මහතා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා වෙත සුබපැතුම් ලිපියක්ද මෙහිදි භාර දුන්නේය.
ශ්‍රී ලංකාව සහ චීනය මිත්‍රත්වය, විශ්වාසය සහ අන්‍යෝන්‍ය අවබෝධය පිළිබඳ දිගු ඉතිහාසයක් බෙදාගෙන ඇති බවත් එය අද දක්වාම පවතින ශක්තිමත් සබඳතාවයෙන් පැහැදිලි වන බවත් තානාපතිවරයා පැවසීය.
ශ්‍රී ලංකාව මේ වන විට දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින නමුත් රට ඉක්මනින් යථා තත්ත්වයට පත් වනු ඇතැයි තමා විශ්වාස කරන බවද තානාපතිවරයා පැවසීය.
ශ්‍රී ලංකාවට එල්ල වන අභියෝග ජය ගැනීම සඳහා චීනයේ සහය ලබා දෙන බවට ද තානාපතිවරයා සහතික විය.