x-press pearl නෙෘකාවේ හානියටපත් ධිවරයන්ට තෙවන අදියරේ වන්දි ගෙවිම ආරම්භ වී ඇති බවත් ඒ සදහා වැයකරන මුදල රුපියල් මිලියන 782ක් බවත් ධීවර අමාත්‍යාංශය පවසයි.
X-press pearl නෙෘකාව විනාශ විමනිසා සිදු වු හානියහේතුවෙන් ගම්පහ කොළඹ කලුතර යන දිස්ත්‍රික්කවල ධිවර ප්‍රජාවට සිදු වු හානිය උදෙසා වන්දි ගෙවිමේ අදියර දෙකක් අවසන්වි ඇති අතර එහි තෙවන අදියරේ වන්දි ගෙවිම ආරම්භ කරන ලෙස ධිවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා මහතා විසින් සිය අමාත්‍යංශ නිළධාරින්ට දුන් උපදේස් අනුව තෙවන උදියරේ වන්දි මුදලින් 50%ක මුදල් ගම්පහ කොළඹ හා කලුතර දිස්න්රික්කවල දිසාපතිවරුට නිකුත් කොට ඇත.
මේ සදහා මහාභාණ්ඩාගාරයෙන් නිකුත් කර ඇති මුදල මිලියන 781යි ලක්ෂ 71 කි මෙහිදි ගම්පහ දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 520 යි ලක්ෂ 60 ක්ද කොළඹ දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 193 යි හය ලක්ෂ 60 දාහක් කලුතර දිස්ත්‍රික්කයට මිලියන 37 යි දෙලක්ෂ 45000ක්ද යනුවෙන් වෙන්කොට ඇත මිට අමතරව මිගමුව කලපුවේ රැකියාවේ නියුතු ධිවරයන් 3056ක් සදහා රු.10000 ක් බැගින් ගෙවිම සදහා මිලියන 35 ලක්ෂ 60 ක්ද වෙන් කොට ඇත.
මෙම හානියෙන් මිගමු කලපු ධිවරයින්ට සිදු වු හානිය අවම බැවින් හා ඹවුන්ට මෙම සිදුවිමෙන් දින 10කට පසු රැකියාවේ නිරත විමට අවස්ථාව උදාකරදිම නිසා මෙම තෙවන අදියරේ වන්දි ගෙවිම නොකලයුතුයැයි වන්දි කමිටුව තිරණය කලද ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ උපදෙස් අනුව රු.10000ක මුදලක් ලබාදිමට තිරණය කර ඇත ඒ අනුව අදාල වන්දි මුදල් ලබාදිම සදහා අදාල ප්‍රදේශවල ප්‍රාදේශිය ලේකම් කාර්යාල හරහා බෙදාදිමට එම දිස්ත්‍රික්කවල දිසාපතිවරුන් ක්‍රියා කරන බව වාර්තාවේ.