දින කිහිපයක් තිස්සේ අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්රික්ක 11 ක පවුල් 5,212කට අයත්, 21,888 දෙනකු පීඩාවට පත්ව ඇති අකර මරණ 2ක් වාර්තා වී තිබේ.
මෙම මරණ දෙක ත්රිකුණාමලය දිස්ත්රික්කයෙන් හා කෑගල්ල දිස්ත්රික්කයෙන් වාර්තා වී තිබේ. එසේම පූර්ණ නිවාස හානි දෙකක්ද වාර්තා වී තිබේ.
වර්ෂාව හේතුවෙන් වැඩිම පීඩාවක් සිදුව ඇත්තේ ගම්පහ දිස්ත්රික්කයට වන අතර එම දිස්ත්රික්කයේ පවුල් 4,608කට අයත් 19,585 දෙනකු පීඩාවට පත්ව තිබේ.