ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සම්බන්ධයෙන් වන ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. මේ අනුව ජාතික හැඳුනුම්පතක් පළමුවරට ලබාගැනීමේ දි රුපියල් 200ක ගාස්තුවක් ගෙවිය යුතුවෙයි.
ඒසේම ජාතික හැඳුනුම්පතේ අනුපිටපතක් ලබාගැනීම සඳහා රුපියල් 1000ක ගාස්තුවක්ද, ජාතික හැඳුනුම්පතේ සංශෝධිත අනුපිටපතක් නිකුත් කිරිම සදහා රුපියල් 500ක ගාස්තුවක් ද, වලංගු කාලය ඉකුත් වූ ජාතික හැඳුනුම්පතක් වෙනුවට නව ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරිම සඳහා රුපියල් 200ක මුදලක්ද අය කිරිමට නියමිතය.