දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍ර දේශවල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේම ඇතැම් ස්ථානවලට මිලි මීටර් 10ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්‍ර දේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
අද පස්වරු 5 සිට හෙට පස්වරු 5 දක්වා පැය 24 ක කාලයක් මෙම නිවේදනය වලංගු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.