ඉන්දියාවේ කොන්ඩිච්චේරි හා කාරෙක්කාල් වැනි වරායන් වල සිට කන්කසන්තුරේ වරායට අවශ්‍ය භාණ්ඩ ගෙන ඒම සදහා වු යෝජනාවක් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඒ සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
සියලුම වාහනවලට එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීම සඳහා සතියේ දින හත බලශක්ති අමාත්‍යංශය විසින් වෙන්කර දක්වා තිබේ.
Read More’’අපි අවුරුදු ගාණක් තිස්සෙ මේ ව්‍යාපාර වලින් ලාභ ගත්තා. මම ඒ නිසයි කියන්නෙ අවම වශයෙන් මේ ඉදිරි ටික කාලයේවත් අපි ලාභයක් නැතුව හරි මිනිස්සුන්ට කන්න හාල් ටික දෙන්න ඕන කියලා. මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ජීවත් වෙන්නෙ ? මේ කාටවත් ඒක තේරෙන්නෙ නැති එකයි මේ රටේ කරුමෙ.’’
Read Moreශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විනේ ක්වාත්‍රා මහතා ඇතුළු ඉන්දීය රජයේ උසස් නිලධාරීන් තිදෙනකු අද (23 දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .
Read More’’මම මගේ පපුව ගැන ආඩම්බර වෙමි. මම සුන්දර දරුවන් තිදෙනෙකුට කිරිදුන්නෙමි. මම ඔවුන්ව පෝෂණය කළෙමි, ඔවුන්ව පහසුවෙන් තැබූයෙමි, ඔවුන් වෙනුවෙන් මාගේ ශරීරයම කැප කළෙමි. (පොලිසීය සමග ඇතිවූ කලබලයේදී) මගේ නිරාවරිත පියයුරු වලින් විනෝද වන්නවුන් සියලු දෙනාම පාහේ ළදරුවන් ලෙස තමන්ගේ මවගේ තනපුඩු වියැලී යනතුරු උරා බොන්නට ඇතැයි මට නිසැකය.
Read Moreටයර් සහ බැටරි නොමැතිව ශ්‍රී ලංගම ඌව ප්රාදේශීකයට අයත් ලංගම ඩිපෝ අටක ශ්‍රී ලංගම බස් රථ 343කධාවනය මුලුමනින්ම අද (23දා)වන විට නතර වී ඇතැයි ලංගම ආරංචි මාර්ග පවසයි .
Read Moreරක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රතිඳු සේනාරත්න, ජෙහාන් අප්පුහාමි, ජගත් මනුවර්ණ, වසන්ත මුදලිගේ, ළහිරු වීරසේකර ඇතුළු පිරිස අද දිනයේදී අධිකරණයට මෝෂමක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Read Moreකොළඹ සිට නාවලපිටිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක ගැටි යතුරුපැදිකරුවෙකු බරපතල ලෙස තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු යතුරුපැදිකරු ජිවිතක්ෂයට පත් වි ඇති බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසිය.
Read Moreඔටෝ ඩීසල් තොග අවශ්‍ය තරම් දිවයින පුරා බෙදා හරින නමුත් සුපිරි ඩීසල් තොග බෙදා හැරීම සීමා සහිතව සිදු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
Read Moreඉදුරුව යාලේගම ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලවි සලක් පවත්වාගෙන යන අයෙකු සිය ගබඩා කාමරයක බලපත්‍ර රහිතව සගවා සිටි ඩිසල් හා පෙට්‍රල් තොගයක් ඊයේ (22දා) රාත්රියේදී අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලිසිය පවසයි .
Read Moreපෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් නෞකාව හෙට දිනයේදී දිවයිනට පැමිණිමට නියමිතව ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
Read Moreඊයේ (22දා) නිට්ටඹුවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අවුරුදු 32ක් වන මාදෙල්ගමුව පදිංචි පෙදරේරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අමරකීර්ති අතුකෝරාල මහතා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව මේ දක්වා සැකකරුවන් 32ක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreරුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා වෙත තමා යොමුකල Aeroflot ගුවන්යානයේ අර්බුදය පිලිබද ලිපියට ක්ෂණිකව පිළිතුරු එවීම සම්බන්ධව හා ශ්‍රී ලංකාව පිළිබඳව සංවේදීව කරුණු දැක්වීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයාට හදවතින්ම ස්තුතිවන්ත වන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.
Read Moreබදාදා අලුයම නැගෙනහිර ඇෆ්ගනිස්ථානයට බලපෑ මෙම භූමිකම්පාවෙන් පුද්ගලයන් 1,000කට අධික පිරිසක් මිය ගිය අතර තවත් 1,500කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ගණන් බලා තිබේ.
Read Moreඑය G7 ජාතීන්ගෙන් ඉහළම අගය වන අතර, බ්‍රිතාන්‍ය තුළ ආරම්භ වී ඇති දුම්රිය වැඩවර්ජනය මධ්‍යයේ උද්ධමනයේ ඉහළ යෑමද එරටට දැඩි බලපෑමක් එල්ල කර ඇත.
Read Moreවිදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල මාර්ගයෙන් මෙරටට මුදල් එවීමේදී, ඔවුන් එවන මුදල අනුව විදුලි ආරෝපනයෙන් ධාවනය වන ඉලෙට්‍රික් වාහන ආනයනය කිරීමට අවසර ලබාදෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසුවේය. තීරු බදු සහනයක් නොවන, වාහන ආනයනය සදහා වන බපලත්‍රයක් විදේශගත ශ්‍රමිකයින්ට ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.
Read Moreමරණවලින් 4%ක සුළු වැඩිවීමක් වාර්තා කළ එකම කලාපය අග්නිදිග ආසියාව වන අතර, වෙනත් ස්ථානවල සංඛ්‍යා පහත වැටුණි.
Read More’’අපේ රට තුවක්කු නිදහසේ භාවිතය තහනම් කරන තාක් කල්, ඕනෑම තැනක, ඕනෑම වේලාවක වෙඩි තැබීම් සිදුවිය හැකි බවට එය තවත් මතක් කිරීමක්’’ යැයි ප්‍රාන්ත සෙනෙට් සභික ස්කොට් වීනර් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
Read Moreඋපයන විට ගෙවන බදු (PAYE), අත්තිකාරම් පුද්ගල ආදායම් බදු (APIT) වගකීම සේවකයන් වෙත මාරු කිරීමට තීරණය කර තිබූ නමුත් ඊට පටහැනිව 2010 සිට 2020 වර්ෂය දක්වා අදාළ සේවකයන්ගේ වැටුපෙන් අඩු නොකර ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිය අරමුදලෙන් රුපියල් බිලියන 4.8 ක (PAYE/APIT) බදු ගෙවා තිබූ බව ද මෙහිදී අනාවරණය විය.
Read Moreකටාර් හි පැවැත්වෙන මෙවර ලෝක කුසලාන තරඟාවලිය සඳහා ප්‍රවේශපත් මිලියන 1.2කට ආසන්න ප්‍රමාණයක් අලෙවි වී ඇති බව සංවිධායකයන් පළමු වරට විකුණුම් පිළිබඳ සංඛ්‍යාවක් ඉදිරිපත් කරමින් අනාවරණය කළේය.
Read Moreරට තුළ මෑත කාලීනව මත්පැන් මිල වැඩිවීම සහ රටේ ජනතාවගේ ආදායම් අඩු වීම හේතුවෙන් මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.
Read Moreතමාට මොන අමාත්‍යධුරය ලැබුණත් එහි වගකීම් උපරිමව ඉටු කරන බවත් තමන් ණය ගැනීමට වඩා දන්නේ ඩොලර් උත්පාදනය කිරීමට බවත් මන්ත්‍රීවරයා සහන් කළේය.
Read Moreඅඛණ්ඩව විදුලිය සැපයීමට බාධා වන අන්දමේ වැඩ වැඩවර්ජනයක නිරතවීම අත්හිටුවමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයට හා එහි නියෝජිතයින්ට එරෙහිව නිකුත් කළ වාරණය ලබන ජුලි මස 6 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය අද (22දා) නියෝග කළාය.
Read Moreවිදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල මාර්ගයෙන් මෙරටට මුදල් එවීමේදී, ඔවුන් එවන මුදල අනුව විදුලි ආරෝපනයෙන් ධාවනය වන ඉලෙට්‍රික් වාහන ආනයනය කිරීමට අවසර ලබාදෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
Read Moreශ්‍රී ලංකාවට දැවි තෙල් රැගෙන ආ නෞකාවක් වෙනුවෙන් ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 34 ගෙවා දැමූ බවත් ඒ අනුව එම නෞකාවෙන් දැවිතෙල් ගොඩබෑමේ කටයුතු අද දිනයේදි ආරම්භ කරන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreගෝල්ෆේස් අරගල භූමියට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreතමන් පුහුණු කරපු අය ගැන දැඩි කනගාටුවට පත්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (22දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
Read Moreරුපියල් දහ තුන් කෝටි හැට හතර ලක්ෂයක් වටිනා මෙතැම්පටමයින් හෙවත් ’’ අයිස් ’’ මත්ද්‍රව්‍ය පෙති 13,640 ක් , නෙදර්ලන්තයේ සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ගුවන් පාර්සල් තැපැල් ඔස්සේ එවා තිබියදී , ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ( නීති කටයුතු )සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .
Read Moreඅග්නිදිග ආසියානු කලාපයට අයත් රටවල තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු අද (22දා) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.
Read Moreඅයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරග දෙකක් සඳහා ක්‍රීඩා කිරිමට පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන මස ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read More