saravita-anim2

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5048 hours ago

LATEST

දෙසැම්බරයේ සංචාරක පැමිණීම 90000 ඉක්මවයි

calendar_today 2023 ජන 03 - 08:50 remove_red_eye - 347  

මේ වසරේ දෙසැම්බර් මාසයේදි ශ්‍රි ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 90000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව දෙසැම්බර් මාසයේදී සංචාරකයන් 91961ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට අද (02) රැස්වු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

Read More

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් ලංකා භූමිතෙල් මිල ගණන් පහල දැමීමට පියවර ගෙන තිබේ.

Read More

පක්ෂයක් ලෙස ඉන්ධන හෝ විදුලි බිල් වැඩිකිරීම ප්‍රතිපත්තිය නොවූ නමුත් ජනතාව ඉල්ලා සිටි දේ දැන් ජනතාවට ලැබෙමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

Read More

විදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාව සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජිකයන් සමග සාකච්ඡා කළ බවත් ඒ් අනුව විදුලි ගාස්තු වැඩි කිරිමට ඉඩ ලබා නොදෙන බවත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.

Read More

විවිධ හේතූන් නිසා දෛනිකව දුම්රිය ගමන්වාර සැලකිය යුතු ප්‍රමාණයක් අවලංගු වන නිසා ජනතාවගේ ගමන් පහසුව සඳහා දෛනිකව ධාවනය වන බස්රථ ප්‍රමාණය ඉහළ දැමීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික් බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

දෛනික ලොතරැයි පත් අලෙවිය 35%ත් 40%ත් අතර ප්‍රමාණයකින් මේ වනවිට අඩු වී තිබෙන බවත්, මේ නිසා ලොතරැයි අලෙවි සහායකින් දැඩි ලෙස අසරණ වී සිටින බවත් සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජතයන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

මෙම වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ලබන 5දා බ්‍රහස්පතින්දා පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

Read More

දිගු ගමනක් සඳහා අවශ්‍ය නව නීති ප්‍රතිසංස්කරණ 22 ක් පසුගිය මාස හය තුළ සම්මත කළ බවත් ජාතික සමගිය හා සංහිදියාව ගොඩ නැංවීම ජනතාව රැවටීමට නොව හදවතින්ම සිදු කළ යුතු බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

පිළියන්දල කොළඹ පාරේ ජංගම දුරකථන හා උපාංග අළෙවි සැලැක් මෙන්ම අලුත්වැඩියා කටයුතු සිදු කරන ආයතනයක් බිද සොරාගත් දේපල මුහුණු පොත ඔස්සේ විකුණු එකම පවුලේ සහෝදරයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

Read More

ඵෛතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහනක් ආරම්භ කිරීම ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) සිදු විය.

Read More

පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

Read More

මේ වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ චීනය මන්දගාමී වර්ධනයක් අපේක්ෂා කරන බැවින් මෙම වසර 2022 හා සැසදීමේදී දුෂ්කරමය වසරක් වෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජියෝවා ප්‍රකාශ කළාය.

Read More

විදුලිය ගාස්තු ඉහළ දැමීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාව ඉතාමත් අසාධාරණ බවද එයට මහජන උපයෝගිතා කොමිසම විරුද්ධ බවද මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (2දා) පැවසීය.

Read More

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ පවතින සේවිකා සුරක්ෂා නේවාසිකාගාරයේ රැඳී සිටි කාන්තාවන් මුහුණ පා ඇති ගැටළු සහගත තත්ත්වය නිරාකරණය කරමින් ඔවුන් නැවත මෙරටට ගෙන්වීමේ කටයුතු කාර්යාංශය විසින් ආරම්භ කර තිබේ.

Read More

තන්තිරිමලය පොලීසියේ නිලධාරියෙකු ලබා දුන් ගිනි අවියකින් විල්පත්තුව වනෝද්‍යානය ආසන්නයේ දී වැලි මුවෙකු දඩයම් කර එම සත්වයා ගේ මස් තොගයක් ළභ තබා ගෙන සිටි පුද්ගලයෙකු, ටී 56 ගිනි අවියක්, සහ ජීව උණ්ඩ සහිත මැගසිනයක් සමග ඊයේ (1දා) වනජීවී අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව තන්තිරිමලේ පොලිසිය පවසයි.

Read More

දුම්රිය සේවකයන්ගේ හිඟය හේතුවෙන් හෙට දිනයේ සිට ඇතැම් කාර්යාල දුම්රිය මන්දගාමීව ධාවනය කිරීමට සිදුවන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා පැවැසීය.

Read More

බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි ,හා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් පාලිත රාජපක්ෂ මහතාට මැර ප්‍රහාරයක් එල්ල වීමකට විරෝධය පාමින් බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්මණ්ඩලය අද (2දා) දහවල් බදුල්ල මහ රෝහල ඉදිරියේදී නිහඩ විරෝධයක් දැක්වූහ .

Read More

විජේරාම 8 කනුව ප්‍රදේශයේ ගරාජයක් තුල මත්පැන් සාදයක් පැවැත්වූ පුද්ගලයන් තිදෙනෙක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙක් මිය ගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමිත් ජයසුන්දර මහතා අද (02දා) උදෑසන වැඩ භාර ගත්තේය.

Read More

ගෙවුණු වර්ෂය ශ්‍රී ලාංකික අපට අභියෝගාත්මක වර්ෂයක් ලෙස සඳහන් කළ හැකිය. කෝවිඩ් වසංගතයේ අඳුරු සෙවණැලි යම් ආකාරයකට පහව යද්දී, ආර්ථික හා දේශපාලන අර්බුදයකින් ජනතාවට පීඩා විඳින්නට සිදුවිය. බලශක්ති අර්බුදයත් සමග අන්ධකාරයේ වෙළෙන්නට වීමත්, ගෑස් හා ඉන්ධන නොමැති වීමෙන් දිගු පෝලිම්වල දුක්විඳින්නට වීමත්, ප්‍රවාහන ගැටලුවලට මුහුණදෙන්නටත් ජනතාවට සිදුවිය.

Read More

ඒ නිසා මම එක කාරණයක් කියන්න කැමතියි. තමන්ගේ වැඩ පැය අටකට සීමා වෙන්නෙ නෑ. තමන්ගේ වැඩ කටයුතු සතියේ දවස් පහකට සීමා වෙන්නේ නෑ. අපි කැපවෙලා වැඩ කරමු, සාමාන්‍ය තත්ත්වයක් ඇති කරමු. ඔබ සියලු දෙනාගේම සහයෝගයෙන් රට ඉදිරියට ගෙනි යන්න බලාපොරොත්තු වෙනවා.

Read More

වසරේ පළමු දිනයේම යාපනයේ සිට දඹුල්ලට ගෙනැවිත් දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශ්යේදී නිවසක වලදමා තිබූ කේරළ ගංජා කිලෝ 5 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු ඊයේ (01දා) අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.පවසයි.

Read More

යාපනය නවගිරි ප්‍රදේශයේ පිහිටි එළු පට්ටියකදී දෙඇස් අමුතු පිහිටීමකින් යුතු එළුපැටවකු ප්‍රසූත කර ඇතැයි වාර්ථා වෙයි. මෙම එළු පැටවාගේ දෙඇස් සාමාන්‍ය අයුරින් එළුවන්ගේ තිබිය යුතු ස්ථානයේ පිහිටා නොමැති අතර මෙම එළුපැටවාගේ දෙඇස් පිහිටා ඇත්තේ නලලේ බවට එළුපට්ටියේ හිමකරු විසින් පෙන්වා දෙයි.

Read More

නව භාණ්ඩ වර්ග 142 ක් සඳහා ජනවාරි 01 සිට රේගු සංකේතාංක (HS Codes) හදුන්වා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

දිවයිනේ ස්ථාන තුනක ඊයේ දිනයේදී සිදුවූ දිය අනතුරු තුනකින් පුද්ගලයන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

Read More

දුම්රිය දෙපාර්තුමේන්තුව පෞද්ගලික අංශය සමග එක් වි නියමු ව්‍යාපෘතියක් වශයෙන් නානුඔය සිට කොළඹ දක්වා එලවළු ප්‍රවාහනය කරන දුම්රියේ මැදිරි කිහිපයක් වායු සමිකරණය කර එම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනිමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන්ට ඊයේ (01) දින පැවසු බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සහ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

Read More

නව වසරේ දෙවැනි දිනය වන අද දිනයේ කොලඹට ඇතුළු වන ප්‍රධාන මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් පවතිනු ඇතැයි වාර්තා වෙයි.

Read More

රිය අනතුරකට ලක්වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට්ට මාස 6 ක පමණ කාළයක්වත් අවම ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ පාන්ට්ගේ තුවාල සුවවන කාළය අනුව එය ඊටත් වඩා වැඩිවනු ඇති බවයි.

Read More

විදුලි බිල වැඩි කල අවස්තාවේ එම විදුලි බිල්පත් ගෙවිමට නොහැකිව සිටි පාරිභෝගිකයන්ගේ විදුලි සම්බන්ධතාවය විසන්ධි කිරිමට විදුලි බල මණ්ඩලය කටයුතු කළ අවස්තාවේ කන කර උකස් කර විදුලි බිල්පත් පාරිභෝගිකයන් විසින් ගෙවා ඇති බව කඳුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.