බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි ,හා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් පාලිත රාජපක්ෂ මහතාට මැර ප්‍රහාරයක් එල්ල වීමකට විරෝධය පාමින් බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්මණ්ඩලය අද (2දා) දහවල් බදුල්ල මහ රෝහල ඉදිරියේදී නිහඩ විරෝධයක් දැක්වූහ .
ගෙල වැළලාගත් බව කියන 18 හැවිරිදි තරුණියක් ඊයේ (01දා) සවස බදුල්ල මහ රෝහලට රැගෙන එන විටත් මියගොස් සිටි අතර පමාවී රෝහලට රැගෙන ඒම නිසා ඇගේ ජීවිතය බේරාගැනීමට නොහැකිවූ බව වෛද්‍යවරු පවසා තිබේ .
මේ බව දැනුම් දීමත් සමග කුපිතවූ පිරිසක් රෝහල තුළ කළහකාරි ලෙස හැසුරුන බවටත් ඔවුන් තමාට පහරදුන් බවටත් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය .
මෙම වෛද්‍යවරයා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය සඳහන්කළේය .
බදුල්ලේ පාලිත ආරියවංශ

