වසරේ පළමු දිනයේම යාපනයේ සිට දඹුල්ලට ගෙනැවිත් දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශ්යේදී නිවසක වලදමා තිබූ කේරළ ගංජා කිලෝ 5 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු ඊයේ (01දා) අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ ම කාලයක සිට මත්ද්‍රව්‍ය මහා පරිමාණ ජාවාරමක නිරතව සිටී සැක්කරුවෙකු බව දඹුල්ල මුලස්ථාන පොලිසිය කියයි.
යාපනයේ සිට ගංජා තොගයක් දඹුල්ල ප්‍රවාහනය කර ඇති බවට පොලිස් විශේෂ කාර්යාංශය කණ්ඩායමක් වෙත තොරතුරු ලැබී තිබිණි,ඒ අනුව පොලිස් කණ්ඩායම් කිහිපයක් ජාවාරම්කරු සැරිසරන ප්‍රදේශ සහ ස්ථාන කීපයකට පිටත් කර යැවීමට දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .කේ .ඇල්ලේපොල මහතා පියවර ගෙන තිබිණි.
දඹුල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියශාන්ත බණ්ඩාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායම මෙම කේරළ ගංජා ජාවාරමේ ඉව වැටී තිබිණි
වසරේ පළමු දිනයේම සැඟව සිටිමින් විහාර හන්දිය ප්‍රදේශයේ නිවසක වල දමා තිබූ ගංජා තොගය රැගෙන යෑමට සැකකරු පැමිණෙනවාත් සමග කොටු කර ගැනීම්ට හැකි වූ බව පොලීසිය කියයි.
සැකකරු සහ ගංජා තොගය දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම්ට නියමිත අතරය සැකකරු සම්බන්ධයෙන් තවත් ගංජා තොග පිළිබඳව ප්‍රශ්න කරන බවත් මෙසේ ගෙන විත් තිබුණු ගංජා තොගය මුහුදු මාර්ගයෙන් යාපනයට රැගෙන විත් යාපනයේ ප්‍රබල ජාවාරම්කරුවෙකු ගෙන් ඔහු මිලදී ගන්නා බව ද හෙළිදරව් වී තිබේ
එම ජාවාරම පිළිබඳව තවදුරටත් විමර්ශනය කරමින් සිටින බව පොලිස් විශේෂ කාර්යාංශය සහ පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකය පැවසීය.
