ලොතරැයි අලෙවිය අඩුවෙලා
දෛනික ලොතරැයි පත් අලෙවිය 35%ත් 40%ත් අතර ප්‍රමාණයකින් මේ වනවිට අඩු වී තිබෙන බවත්, මේ නිසා ලොතරැයි අලෙවි සහායකින් දැඩි ලෙස අසරණ වී සිටින බවත් සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජතයන්ගේ සංගමය සඳහන් කරයි.
ලොතරැයි අලෙවි සහායකින් ලෙස 36,000කට අධික පිරිසක් සිටින බවත්, මෙම පිරිසෙන් සැලකිය යුතු පිරිසක් ආබාදිත පුරවැසියන් වන අතර, වයස්ගත පුරවැසියන්ද අතිවිශාල පිරිසක් සිටින බවත් එම සංගමයේ ලේකම් ක්‍රිෂාන් මාරඹගේ මහතා ප්‍රකාශ කළේය.
ලොතරැයි පතක් අලෙවි කිරීමේදී අලෙවි සහායකයාට හිමි වන්නේ, රුපියල් දෙකයි ශත පනහක මුදලක් පමණක් බවත්, මේ නිසා මෙම කොමිස් මුදල ශත විසිපහකින් හෝ ඉහළ දැමීමට අවශ්‍ය කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම පවසා සිටියේය.
දෛනිකව ලොතරැයි පත් අලෙවිය අඩුවීම නිසා අලෙවි සහායකින්ගේ දෛනික ආදායමත් ඊට සාපේක්ෂව අඩු වී තිබෙන බවත්, එහෙත් භාණ්ඩ හා සේවා මිල දිනපතා ඉහළ යමින් තිබෙන බවත් ලේකම්වරයා සඳහන් කළේය.
අලෙවි නියෝජිතයන්ට පවා හිමි වන්නේ, කොමිස් මුදලක් බවත්, ලොතරැයි පත් අලෙවිය අඩු වීමට සාපේක්ෂව අලෙවි නියෝජතයන්ගේ ආදායම්ද අඩුවෙමින් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
මේ නිසා ලොතරැයි පත්වල දිනුම් අවස්ථා ඉහළ දමා ලොතරැයි අලෙවිය ඉහළ දමා ගැනීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවත්, මීට අමතරව පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අලෙවි සහායකයන්ට ලබාදෙන කොමිෂ් මුදල ශත 25කින් ඉහළ දැමීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවත් ලේකම්වරයා සඳහන් කළේය.
popular news
-
Dayan Monday, 02 January 2023 01:05 PM
We do not buy lotteries specially DLB tickets because no winners. They sell only prices of papers.
Reply : 0 0
Chandra Tuesday, 03 January 2023 06:35 AM
මිනිස්සු බොහෝවිට ගමන් බිමන් යනවිට බස් එකක යනවිට පිටකොටුවේ බස් නැවතුමේ මෙන්ම බස් නැවතුම්පොළ ආදියේ සිටින විට කෑමට යමක් ගන්න කීයක් හරි ඉල්ලන මිනිස්සු ඉන්නවා ඉතින් අපි අනුකම්පාව නිසා රුපියල් විස්සක් වගේ මුදලක් දෙනවා (නොදුන්නානම් බැනුම් අහන්න ලැබෙන්නේ පිටකොටුවේ බස් නැවතුමේදී) ඒවාට කිසිදාක තෑග්ගක් නැතුව වගේ ලොතරැයි ගත්තත් වෙන්නෙ ඒකම නිසා මිනිස්සු ලොතරැයි නොගන්නවා ඇති මහජන සම්පතට අමතරව සංවර්ධන ලොතරැයි ආරම්භ කල කාලයේ ලපතුමාලගෙ ලොක්කො සොක්කො ලොතරැයි තහනම් කලා කියලා මතක්වුනා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

