දුම්රිය දෙපාර්තුමේන්තුව පෞද්ගලික අංශය සමග එක් වි නියමු ව්‍යාපෘතියක් වශයෙන් නානුඔය සිට කොළඹ දක්වා එලවළු ප්‍රවාහනය කරන දුම්රියේ මැදිරි කිහිපයක් වායු සමිකරණය කර එම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනිමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන්ට ඊයේ (01) දින පැවසු බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සහ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
දින කිහිපයක් නුවරඑලිය ප්‍රදේශයේ රැදි සිටි ජනාධිපතිවරයා (01) දින ආපසු කොළඹට ගමන් කරන අවස්තාවේ එලවළු ගොවින්ගේ දැනට පවතින ගැටළු සම්බන්ධයෙන් තමන් සමග සාකච්ඡා කළ බවත්, එහිදි නානුඔය සිට කොළඹ දක්වා පසුගිය දා එලවළු ප්‍රවාහනය කිරිමේ නියමු ව්‍යාපෘතිය සාර්ථක බව තමන් ජනාධිපතිවරයා හමුවේ කියා සිටියි බවද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මෙන්ම නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ගබඩා කිරිමට ශිතාගාරයක් ලබාදෙන බවට ජනාධිපතිවරයා ප්ර්රකාශ කළ බවත්, දුම්රියෙන් එලවළු ප්‍රවාහනය කිරිමේදි සංචාරක හෝටල් වෙත සපයනු ලබන එලවළු සඳහා පමණක් දුම්රිය මැදිරියක් වායු සමිකරණය කරදෙන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය.