තන්තිරිමලය පොලීසියේ නිලධාරියෙකු ලබා දුන් ගිනි අවියකින් විල්පත්තුව වනෝද්‍යානය ආසන්නයේ දී වැලි මුවෙකු දඩයම් කර එම සත්වයා ගේ මස් තොගයක් ළභ තබා ගෙන සිටි පුද්ගලයෙකු, ටී 56 ගිනි අවියක්, සහ ජීව උණ්ඩ සහිත මැගසිනයක් සමග ඊයේ (1දා) වනජීවී අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව තන්තිරිමලේ පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු හතළිස් පස් හැවිරිදි අයෙකු වන අතර මෙම වැටලීම සිදු කරන අවස්ථාවේදී එම ස්ථානයේ රැඳී පුද්ගලයෙකු එම ස්ථානයෙන් පලා ගිය බව ද වන ජීවී අංශ පවසයි.
මැරීම තහනම් කර ඇති සත්වයකු වන වැලි මුවා වෙඩි තබා ඝාතනය කර මස් ළඟ තබා ගත් පුද්ගලයා ගෙන් සිදු කල ප්‍රශ්න කිරීම් වලදී ඔහු සන්තකයේ තිබූ ගිනි අවිය තන්තිරිමලය පොලිසියට අනුයුක්තව සේවය කරන නිලධාරියෙකුගේ බවට ප්‍රකාශ කර ඇතැයි වනජීවී අංශ නිලධාරීහු පවසති.
විල්පත්තුව වන ජීවී වන ජීවී කාර්යාලයේ වන සත්ව නියාමක ධනුෂ්ක උදයංග මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම වැටලීම සිදු කර සැකකරු අත්අඩංගුවට ගත්හ.
ගිනි අවිය ලබාදුන් පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශනයක් කිරීම සඳහා අනුරාධපුර කොට්ඨාස බාර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ජයන්ත පුෂ්ප කුමාර මහතාගේ උපදෙස් මත තන්තිරිමලය භාර සහකාර පොලිස් අධිකාරී ඩී.පී කුමාර මහතාගේ අධීක්ෂණයෙන් මහවිලච්චිය පොලීසිය වෙත භාරදී තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (2දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.