විදුලිය ගාස්තු ඉහළ දැමීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාව ඉතාමත් අසාධාරණ බවද එයට මහජන උපයෝගිතා කොමිසම විරුද්ධ බවද මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (2දා) පැවසීය.
දේශපාලන අධිකාරිය විසින් මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීන බව නැති කිරීමට විවිධ ක්රියාමාර්ග ගනිමින් සිටිනවා යැයි ද මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.
ස්වාධීන ආයතනවලට බලපෑම් කිරීම එතරම් හොඳ තත්වයක් නොවන බවත් එය ඉතිහාසගත වැරදක් බවත් සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.