මත්පැන් සාදයේ ගැටුමෙන් අයෙක් මරුට
විජේරාම 8 කනුව ප්රදේශයේ ගරාජයක් තුල මත්පැන් සාදයක් පැවැත්වූ පුද්ගලයන් තිදෙනෙක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙක් මිය ගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ සොරබර වැව යාය 5 පදිංචිව සිටි කේ .පි සුරේෂ් ධනුෂ්ක විජේරත්න නැමැති 22 සිටි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ප්රශ්න කිරීම සඳහා පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
2023 නව වසර ආරම්භ වී ප්රීතිය භුක්ති විඳීම සඳහා මොවුන් තිදෙනා ඊයේ (1දා) රාත්රී ගරාජය තුළ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහිදී ඇතිවූ යම් බහින් බස් වීමකින් අනතුරුව හිසට යකඩ පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවට සැක කරන බව පොලිසිය කියයි.
එකී පුද්ගලයාගේ හිසෙන් වාහනය වු ලේ ධාරාවක් මළ සිරුර තිබු පරාජය තුල ගලා ගොස් තිබු පොලිස් නිලධාරියෙක් පැවැසීය. ඝාතනයට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නැතැයි පොලිසිය කියයි.
නුගේගොඩ අපරාද පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූහ. ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

