saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 4731 hours ago

LATEST

සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියාවට යන්න එපා

calendar_today 2022 ඔක් 05 - 13:13 remove_red_eye - 437  

මැලේසියාවේ රැකියා ලබාදෙන බව පවසා විවිධ පුද්ගලයින් රැකියා අපේක්ෂිතයින්ගෙන් මුදල් ලබාගන්නා බවට හා සංචාරක වීසා මගින් පුද්ගලයින් මැලේසියාවේ රැකියා සඳහා විදේශ ගතකරන බවට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත තොරතුරු වාර්තා වී තිබේ.

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් මත ලබාදුන් විශේෂ පොලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බලපත්‍ර ලාභී බැංකු වෙත ශ්‍රී ලංකා මහ බැංකුව ලිපියක් මගින් දැනුම් දී තිබේ.

Read More

මෙම ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත මගින් ඉන්ධන ආනයනය, සැපයුම සහ බෙදාහැරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාට සහ ලංකා ඉන්දියානු තෙල් සමාගමට අමතරව අනෙකුත් පාර්ශ්ව සඳහා ප්‍රතිපාදන සලසා දීම සිදු වේ.

Read More

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 271 කින් අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (5) පෙරවරුවේ පැවසීය. ගෑස් මිල සූත්‍රය අනුව මෙම මිල අඩුවීම සිදුවන අතර එය අද මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වෙයි.

Read More

කෝපා කාරක සභාවේ සභාපතිධුරය විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාට ලබාදීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතාද එකඟ වී ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.

Read More

ග්‍රහලෝකාගාරය නිර්මාණය කළේ කවුදැයි යන්න පිලිබඳව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් පාර්ලිමේන්තුවේ යොමුකළ ප්‍රශ්නයකට ප්‍රශ්නයකට දයාසිරි ජයසේකර මහතා ආතර් සී ක්ලාක් යනුවෙන් පිළිතුරු දුන්නේය.

Read More

වසන්ත මුදලිගේ,ගල්වැව සිරිධම්ම හිමි,හශාන්ත ගුණතිලක යන පිරිස මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවාගෙන තබා ඇති බවත්,ඔවුන්ට එල්ල වී ඇති චෝදනාව වන්නේ රාජ්‍ය විරෝධී කටයුතුවල යෙදීම බවත් ඔවුන් යෙදුණු රාජ්‍ය විරෝධී ක්‍රියාවක් කුමක්ද යන්න පවසන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානයේ අනුග්‍රහයෙන් මෙරට දුෂ්කර පළාත්වල පිහිටි පිරිවෙන් සඳහා ආධාර සංකේතාත්මකව බෙදාදීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.

Read More

හම්බන්තොට වරාය පරිශ්‍රයේ වාහන විශාල සංඛ්‍යාවක් ගාල්කර තිබෙන අයුරු චීන තානාපති කාර්යාලය විසින් ප්‍රකාශයට පත්කර තිබුණි. ප්‍රති අපනයනය වෙනුවෙන් මෙම වාහන වරාය තුළ ගාල් කර තිබේ.

Read More

මිනිස් පරිභෝජනයට නුසුදුසු සම්බා සහල් කිලෝ ග්‍රෑම් 590 ක් බේරුවල සහ දර්ගා නගරයේ ගබඩා කර තිබෙන බවට බේරුවල පොලිසියට අනුයුක්ත පොලිස් විශේෂ කාර්යාංශය නිලධාරීන්ට ලද තොරතුරක් ඔස්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් බේරුවල පොලිසිය හා ඒකාබද්ධව කළ වැටලීමෙන්එම ගබඩා දෙකම ඊයේ (4දා) රාත්‍රියේ මුද්‍රා තැබීමට පියවර ගත් බව පොලිසිය කියයි.

Read More

විභාග දෙපාර්තමේන්තුව මගින් රුපියල් පනස්හතර කෝටි හැට දෙලක්ෂ හැට හතරදහස් හාරසිය පනස් දෙකක (546,264,452) ක වියදමක් දරා ටර්න් කි මුද්‍රණ යන්ත්‍රයක් මිලදිගෙන තිබුණද මෙම වර්ෂයේ (2022) පවත්වනු ලැබු 2021 වර්ෂයේ අ.පො.ස උසස්පෙළ විභාගයේ සමස්ත ප්‍රශ්න පත්‍රවලින් එම යන්ත්‍රයෙන් මුද්‍රණය කොට ඇත්තේ සියයට 10ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය පවසයි.

Read More

ලිට්‍රෝ සමාගමේ දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් වූ විමර්ශන දීර්ඝ ලෙස ඉදිරියේදී අනාවරණය කරන බව කෝප් කමිටුවේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

Read More

මේ වසරේ ඔක්තෝබර් 04 දා තෙක් විදේශ රැකියා සඳහා පුද්ගලයන් 236748ක් ලියාපදංචි වී ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.

Read More

පොලිසියට ලද පැමිණිලි විභාග කල බවට අසත්‍ය ප්‍රකාශ සටහන් කර පැමිණිලිකරුවන්ගේ අත්සන් හොරට යොදා පැමිණිලි පාර්ශව මෙන්ම පොලිස් නිලධාරීන් ද නොමග යැවූ පානදුර උතුර පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකු අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක්කර ඇතැයි පානදුර පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කරයි.

Read More

ලැබෙන මූල්‍යමය ප්‍රතිපාදන අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් නොයොදන ලෙසත්, මහවැලි ගඟෙන් ප්‍රයෝජනයක් නොගෙන මුහුදට ගලායන ජලය විධිමත් තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ වඩිග වැව, මීගස්වැව, පතොක් වැව ඇතුලුව මෙවැනි වූ ජලය නොමැති වැව්,අමුණු වෙත මහවැලි ගඟේ ජලය රැගෙන විත් ජලයෙන් ස්වයංපෝෂිත කිරීමට පියවර ගන්නා ලෙසත්, වසරේ දින 365 පුරාවට වාන් දමමින් තිබෙන ’’ජනරංජන’’ වැවේ ජලය විධිමත් ලෙස ප්‍රයෝජනයට ගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිළධාර

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලය නමින්නශ්‍රී ලංකාවට ආවේණික නව කෙටල/ කෙතල විශේෂයක් සහ එහි ප්‍රදේශ දෙකක් නම් කොට ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පවසයි .

Read More

හිටපු කෝප් කමිටු සභාපතිවරයා වන මහාචාර්ය චරිත හේරත් මහතා යළිත් කේප් කමිටුවට පත්කිරීමට හැකිවන පරදි තමන් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වන බව පාර්ලමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පවසයි.

Read More

09 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) පළමු රැස්වීම හෙට (05දා) පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Read More

සිමෙන්ති මිල ඉහළ යෑම හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තය පත්ව තිබෙන අපහසුතාව සැලකිල්ලට ගෙන සිමෙන්ති සමාගමක් විසින් සිය සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානය යන අතරතුර සිංගප්පූරැවට ගිය අවස්ථාවේ දිවා ආහාරය ගෙන තිබෙනුයේ මහබැංකු මංකොල්ලය සිදු කළ අර්ජුන් මහේන්ද්‍රන් සමග බවට පැහැදිලිව සඳහන් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

Read More

අපේ රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කරමින් විදේශකයින් ආකර්ෂණය වන ආකාරයේ මෙවැනි ස්ථාන පවත්වාගෙන යාමෙන් රජයට අදායමක් එනවා සේම ඒවා ජනතාව අතරද බෙදී යන බවත් ඒ සදහා විරෝධ්තපත්වමින් කඩාකප්පල් කාරී ක්‍රියා කරමින් පලක් නොවන බව කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසිය.

Read More

විදේශිකයන්ගෙන් බදු අදායම උපයා ගන්නවා වෙනුවට බදු සහන ලබා දී ආදායම් උපයාගත නොහැකි වූ විට ආණ්ඩුව විදේශිකයන් වෙනුවෙන් ඇදිවත පවා උනා දැමීමට සූදානමින් සිටන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසීය.

Read More

රජය ආර්ථික වශයෙන් අසීරැ අවස්ථාවක සිටියද රාජ්‍ය සෙවක වැටුප් කප්පාදු කරන බවට කිසිදු සැකයත් තබා නොගතයුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

Read More

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

දේශීය කිරි පිටි මිලත් ඉහළ දැමීමට කිරිපිටි නිෂ්පාදකයන් විසින් පියවර ගෙන තිබේ.

Read More

2023 වසරේ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා තිබේ. මෙ විසර්ජන පනත් කෙටුම්පත මේ මස මැදදී පළමුුවර කියැවීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සමාජිකයකු ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කර තිබේ. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ එම කමිටුවේ සභාපති වේ.

Read More

සිය ආරක්ෂාව වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයට අසූවක් පමණ ගිනි අවිය ලබාගෙන ඇතැයි වාර්තා වේ.

Read More

ලෝක අමද්‍යප දිනය දා රත්නපුර නගරයේ නීති විරෝධි ලෙස වැඩි මිළට රජයේ මැත්පැන් අලෙවි කල පුද්ගලයෙකු විවිධ වර්ගයේ මත්පැන් බොතල් එකසිය පහළොවක් සහ බීර ටින් එකසිය හතළිහක් සමග ඊයේ (03දා) පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිසිය පවසයි.

Read More

ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට(කෝප්) නම් නොකල හිටපු කෝප් සභාපති චරිත හේරත් මහතාගේ නම තමා යෝජනා කරන බවත්, ඒ වෙනුවෙන් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ස්ව කැමැත්තෙන් කෝප් කාරක සභාවෙන් ඉල්ලා අස්වීමට කටයුතු කරන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.