මැතිවරණය ගැන හෝ මැතිවරණ කල් දැමීමක් ගැන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ලක්නොවූ බවත් මැතිවරණය කල් දමන උපාය මාර්ග ගන්නා ලෙස ජනපතිවරයා ජනපති මාධ්‍ය අංශයට උදෙස් දී නොමැති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීය.
අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
මම හිතන විදිහට ජනපතිවරයා කිසිම විටකත් ජනපති මාධ්‍ය අංශයට මැතිවරණ කල් දැමීමට උපාය උපක්‍රම භාවිත කරන්න කියලා කිසිම අවස්ථාවක කියලා නෑ.
එතුමා එතුමාගේ පක්ෂයටත්, අනෙක් පක්ෂවලටත් මැතිවරණ පවත්වනවානම් ඒකට මුහුණ දෙන්න උපදෙස් දී තිබෙනවා.
මේ මැතිවරණය කිසිසේත් ජනපතිවරණයට අදාළ වෙන්නේ නෑ. ජනපතිවරයා පත්කිරිම හෝ ඉවත් කරන මැතිවරණයක් නෙමෙයි. පාර්ලිමේන්තු මැතිවරණයක් නෙමෙයි. ඒ් නිසා ජනාධිපති හෝ පාර්ලිමේන්තුව වෙනස් නොවන ඒ් පළාතේ තිබෙන ගැටලු විසදීම වෙනුවෙන් පවත්වන මැතිවරණය තමයි පළාත් පාලන මැතිවරණය.”