මාසික ආදායම රුපියල් 45000 ඉක්මවන සියලුම දෙනාගෙන් බදු අයකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුලින් තීරණය කර තිබුණ බව එම සාකච්ඡා සඳහා ඒක්වූ අය ප්‍රකාශ කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්දන මහතා පැවැසීය.
කෙසේ වෙතත් ඔවුන් සමග සාකච්ඡා කළ ඉතාමත් අපහසුවෙන් එම සීමාව රුපියල් ලක්ෂය දක්වා ඉහළ නංවාගැනීමට හැකියාව ලැබී ඇති බවත් ඔහු පැවැසීය.
“ ඉදිරි ණය ගෙවන්න නම් අපි ආදායම් මාර්ග හොයා ගන්න වෙනවා. අපිට ජනතාවට මේ තරම් බදු බර පටවන්න අවශ්‍ය නෑ රාජ්‍ය සංස්ථ හා ව්‍යවස්ථාපිත ආයතන ආයතන ලාභ ලබනවානම්. පාඩු ලබන ඒ්වා ගෙවන්නේ ජනතාව.
ලාභ ලබනවානම් එය රාජ්‍ය ආදායමට ඒක්වෙනවා. මේ පිළිබඳව දේශපාලන නොවන ප්රබුද්ධ කථිකාවතක් ඇතිවීම හොඳ දෙයක්. බදු ආදායම මත රැදී සිටිනවාට වඩා බදු නොවන ආදායම වැඩි කර ගැනීමට කටයුතු කිරීම වැදගත්. එතකොට ජනතාවට බරක් පටවන්න අවශ්‍ය නෑ. ”