වියදම් පාලනය කිරීමට සෑම අමාත්‍යාංශ ලේකම්වරු වගකීමට බැදී සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“වියදම් කළමනාකරණය කිරීම සඳහා සෑම අමාත්‍යාංශයකම ලේකම්වරු වගකීමට බැදී සිටිනවා. ලේකම්වරු ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා වියදම් හැකිතාක් පාලනය කරලා මේ අමාරු අවස්ථාවේදි කෙටිකාලීන වශයෙන් තියෙන දරුණු අර්බුදයට මුහුණ දෙන්න.
වියදම් අඩුකරන්න තවත් ක්‍රම තියෙනවානම් අපිට දැනුම් දෙනවානම් ඒ දේ කරන්න අපි කැමතියි. ලංකා ආණ්ඩුවට ජනවාරි මාසයේ ලැබුණ ආදායම රුපියල් බිලියන 158.7යි. මාසේ වියදම ණය සේවාකරණයත් සමග බිලියන 368.8ක වියදමක් දරලා තියෙනවා.
ඉතාම අමාරු රාජ්‍ය මූල්‍ය තත්ත්වයක් මත තියෙන්නේ. මීට පෙර පැවැති සියලු රජයන් වැටුප්, දීමනා හා සමෘද්ධි ලබා දී තිබෙන්නේ දේශීය හා විදේශීය ණය ගැනීම හා මුදල් අච්චු ගැසීමෙන්. අපිට තවදුරටත් ණය ගන්න බෑ. මුදල් අච්චු ගැසීම නවත්වන්න කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා තියෙනවා.
අත්යාවශ්යෙ දේ වන ණය වාරික හා පොලී වෙනුවෙන් පමණයි මුදල් අච්චු ගහන්නේ. මේ තමයි මහ පොලොවේ යථාර්තය. මේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් නෑ. බලය වෙනස් කරලා වැටුප් නොගෙවා ඉන්න බෑ. ප්‍රාග්ධන වියදම් තමයි අඩු කරන්න වෙන්නේ.
මේ තත්ත්වය නරක නිසා තමයි ජනපතිවරයා විදයම් පාලනය කිරීමට අදාළව දැනුම් දීමක් කැබිනට් මණ්ඩලයට කළා”