රාමායණයේ සඳහන් ස්ථාන සංවර්ධනයට ඉන්දීය සහාය
ශ්‍රී ලංකාවේ ආගමික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය ව්‍යවසායකයින් පිරිසක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.
රාවණාඑළිය, නුවරඑළිය සහ සීතාඑළිය ඇතුළු රාමායණයේ සඳහන් ස්ථාන නැරඹීමට පැමිණෙන සංචාරකයින් සහ වන්දනාකරුවන් සඳහා පහසුකම් සංවර්ධනය කරමින් ආයෝජනය කිරීමටත් ඔවුන් කැමැත්ත පළ කළහ.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර සහ අශෝක ප්‍රියන්ත, ලක්නව් හි කුන්වර් සමූහ ව්‍යාපාරයේ සභාපති රාජේෂ් සිං,කුන්වර් ග්ලෝබල් පාසැලේ විදුහල්පති Dr. Dheeraj Mehrotra, කණ්ඩායම් සාමාජික නරේන්ද්‍ර කුමාර් සිං, ජනක කමල්ගොඩ සහ ශ්‍රී ලාංකික කලාකරු බුද්ධි කීර්තිසේන යන මහත්වරු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

popular news
-
Rocky Tuesday, 31 January 2023 12:55 PM
Ramayanaye sandahan sthaana kisiwak ape rate netha !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

