කැස්බෑව ප්රදේශයේ තෙමහල් හෝටලයක ඉහළ කොටසේ සිට බිමට වැටී අද (31දා) අළුයම හෝටලයේ මුදල් අයකැමි වරයා මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ දෙනිපිටිය වරකාපිටිය පිරිස් වත්ත පදිංචිව සිටි රිද්ම තරංග නැමැති 26 හැවිරිදි තරුණයෙකි.
වසර දෙකහමාරකට පමණ ඉහත දී එම තරුණයා හෝටලයේ රැකියාවට පැමිණ ඇතැයි පොලීසිය සඳහන් කරයි.
රාත්රී 11ට පමණ හෝටලය වසා ඇති බවත් රාත්රී දෙකට පමණ මුදල් අයකැමි වරයා හෝටලය ඉදිරිපිට ලේ පෙරාගෙන වැටී දඟලමින් සිටින අයුරු වේටර් වරයකු දැක ඇතැයි පොලිසිය කියයි.
ඒ බව හෝටලයේ හිමිකරුට දැනුම් දීමෙන් අනතුරුව ඔහු පැමිණ විනාඩි කීපයක් තුළ දී කලුබෝවිල ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පැය බාගයකට පමණ පසු තරුණයා මිය ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි
මියගිය තරුණයා වැටි සිටි ස්ථානයේ තිබු යතුරු පැදියක් පෙර ලි තිබූ අතර තරුණයා වැටීමේදී ඔහුගේ ශරීරය ගැටී යතුරු පැදිය ගැටී එය පෙරලුනාද ? වෙනත් හේතුවක් මත යතුරු පැදියේ පෙර ලුනාද? යන්න විමර්ශන සිදුකරන බවත් පොලිසිය කියයි.
තරුණයා පෙරේදා රාත්රී සිට ජංගම දුරකථනයේ රැඳී සිට කිසියම් අයකු සමග කතාබස් කරමින් සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඔහු තෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මහලින්.වැටුණාද ? කිසියම් සිද්ධියක් මුල් කරගෙන ඔහුට අනතුරක් වූවාද ? යන්න පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදුකරන බව පොලීසිය කියයි.
තරුණයාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරීක්ෂණයක් මෙන්ම ගල්කිස්ස කොට්ඨාශ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.