පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කතොලික ජනතාවගෙන් මෙන්ම දෙවියන්වහන්සේ වෙනුවෙන් තමන් සමාව ඉල්ලා සිටින බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
"මම දන්නා පරිදි කතෝලික ජනතාවට කිසිසේත්ම මම ගැන වෛරයක් හෝ ක්‍රෝධයක් නෑ. අවුරුදු 15-16 මම බයිබලය කියවපු විදිහට විශේෂයෙන්ම මගේ පාලන කාලය තුළ මෙවැනි සිදුවීමක් වෙනත් අය කරලා ඒ වැරැද්ද නිසා මට අද වන්දි ගෙවන්න සිදුවෙලා තිබීම පිළිබඳවත් ප්‍රධාන වශයෙන්ම මියගිය ජනතාව හා අත්පා කැඩිලා එකතැන් වෙලා සිටින ජනතාව වෙනුවෙනුත් මම දෙවියන්වහන්සේ වෙනුවෙනුත් මගේ කාලයේ එවැනි සිදුවීමක් වීම පිළිබදව මම සමාව ඉල්ලා සිටිනවා.
ඒ වගේම මම කතෝලික ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා මම කිසිදෙයක් දන්නේ නැතිව මෙවැනි ත්‍රස්තප්‍රහාරයක් එල්ල වෙලා මගේ පාලන කාලය තුළ මේ ජීවිත විනාශ වීම පිළිබඳව.
මේ නඩුවේ පැහැදිලිව කියලා තියෙන්නේ මම වැරැද්දක් කළා කියලා නෙමෙයි. ජනපතිවරයා විසින් පත්කළ නිලධාරීන් වරද්දක් කර ඇත්නම් ජනපතිවරයාද වගකිවයුතුයි කියලයි"