බිත්තර ආනයනය කිරීමේ ක්‍රියාවලියට බාධා පමුණවන පුද්ගලයන් සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා වෙත උපදෙස් දී තිබේ.
බිත්තර ආනයනය සම්බන්ධයෙන් ඊයේ කැබිනට් මණ්ඩලය තුළ ඇතිවූ සාකච්ඡාවකින් අනතුරුව ජනපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
මෙම වාර්තාව ලබන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයිද ජනපතිවරයා මෙහිදී උපදෙස් දී තිබේ.
බිත්තර ආනයනය කිරීමේ ක්‍රියාවලිය අඩපණ කිරිමට ඇතැම් පාර්ශ්ව කටයුතු කරන බවට වෙළඳ අමාත්‍යවරයා ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.