තියුණු ආයුධයකින් ලිංගික අවයවය කැපීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු අද (31දා) දහවල් මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත යවා ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ වියළුව තල්දෙන ප්රදේශයේ වයස අවුරුදු 55 ක පුද්ගලයෙකි. මොහු ඊයේ (30) රාත්රියේ අධීක ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙන් සිහි විකල්ව සිටියදී ඔහු සමග එකට මත් පැන් පානය කළ තවත් මිතුරෙකු විසින්ම විහිළුවකට මෙන් මෙලෙස අත තිබූ පිහියකින් ලිංගික අවයවය කපා දමා ඇතැයි දැන ගන්නට ඇත.
ලිංගික අවයවය කැපීම නිසා බරපතළ තුවාල සහිතව වැටී සිටි මෙම පුද්ගලයා ඔහුගේ තවත් මිතුරන් පිරිසක් එක්ව පසුව රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.