saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 4736 hours ago

LATEST

ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් වී තිබෙනවා

calendar_today 2022 ඔක් 04 - 10:11 remove_red_eye - 249  

ශ්‍රී ලංකා මුහුදු තීරය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්වෙද්දී මෙරට තරුණ පරපුර සීඝ්‍ර වශයෙන් මත් රකුසාට බිලි වෙමින් පවතින බව මල්වතු පාර්ශවයේ අනුනායකපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියෝ පවසයි .

වගාවන්ට හානි සිදුකරන වනසතුන් පළවා හැරීමට ගොවීන්ට තුවක්කු ලබාදීමට රජය ගෙන තිබෙන තීරණය වහාම ඉවත්කර ගත යුතු බව සත්ත්ව අයිතිවාසිකම් සුරකීමේ ක්‍රියාකාරීන්ගේ එකමුතුව සඳහන් කරයි.

Read More

හම්බන්තොට, රිදියගම සෆාරි සත්ත්වෝද්‍යානයේ අක්කර 34කින් සමන්විත දෙවැනි කොටස අද (04දා) මහජනතාව සඳහා විවෘත කෙරේ.

Read More

මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් නිවේදනයක් නිකුත් කරන විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ ඒ හරහා ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියට බාධාවක් නොවන බවයි.

Read More

මන්ත්‍රීවරයා සඳහන් කරනතෙක් තමාට ඒ පිළිබඳව අවබෝධයක් නොතිබූ බවත්, කාදිනල් හිමිපාණන්ගේ ආරක්ෂාව පිළිබඳ කඩිනමින් සොයා බැලීමට කටයුතු කරන අතර, උන්වහන්සේට අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට ආණ්ඩු කිසිදු අවස්ථාවක පැකිලෙන්නේ නොමැති බවත් ඊට පිළිතුරු ලබා දෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

Read More

හෙට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය හිමිව නොමැත. එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.

Read More

පෙට්‍රල් හා ඩීසල් හරහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබන ආකාරය අමාත්‍ය කංචන විජෙජ්සේකර මහතා සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශ කර තිබේ.

Read More

එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ එක්සත් ජනපදය, ’’ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’’ යන මාතෘකාව යටතේ සකස් කළ A/HRC/51/L.1 යෝජනා කෙටුම්පත, 2022 ඔක්තෝම්බර් 06 වැනි දින ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Read More

තිරිඟු පිටි රැගත් කන්ටේනර් 100ක් පමණ රැගෙන විත් ඇති බවත් ඒ් අනුව මෙම සතියේ සිට තිරිඟු පිටි මිල අඩුවෙනු ඇති බවත් අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

නිදහස ලැබීමේ සිට අද දක්වා බලන විට අප අගාධයට යමින් සිටිනවා. වර්තමානයේ ආණ්ඩු කරවන ඇත්තෝ සහ ආණ්ඩු කරපු ඇත්තෝ සියලු දෙනා මීට වග කිව යුතුයි. ඒ සියළු දෙනාට අධි ආරක්ෂිත කලාප මෙන්ම අධිපෝෂනය පවතිනවා, ඒත් සාමාන්‍ය ජනතාවට ඉතුරු වෙලා තියෙන්නෙ මන්දපෝෂණය පමණයි.

Read More

මේ අවස්ථාවේදී විදේශ සහල් ගෙන්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් දේශීය ගොවියා විසින් ගුණාත්මක තත්ත්වයෙන් උසස් සහල් නිපදවා ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

Read More

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා රුපියල් ලක්ෂ 75ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා අද (03දා) නියෝග කළේය.

Read More

වර්තමානයේ තවත් ඇමතිධූර 10ක් පත් කරනවා නම් එය කරන්නේ පොහොට්ටුවේ නායකයින්ගේ බලපෑම් නිසා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වෙනත් විකල්පයක් නැති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

මෙරට කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මකිනන් සහ මෙරට ප්‍රංශ තානාපති එරික් ලවෙර්තු මහත්වරුන් අද (03දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ තවත් සිසුවෙකු ඊයේ (02දා) සිට අතුරුදන්ව ඇතැයි පේරාදෙණිය පොලීසිය පවසයි.

Read More

චීනයෙන් ගෙන්වා තිබූ අසූචි මිශ්‍ර පොහොර නැවට ලංකා රජය මගින් ගෙවා තිබූ ඩොලර් මිලියන 6.9 ක මුදල වහාම එම තීන්දුව ලබාදුන් පාර්ශවයෙන් අය කරන ලෙසත් ,මුදල් ගෙවීම්ට ගත් තීරණය සම්පූර්ණයෙන් නීතිවිරෝධී බවත් ,එම චීන සමාගම ලංකාවේ අසාදු ලේඛනගත කරන ලෙසත් එමෙන්ම ශාක ආරක්ෂණ පනත සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කර ඇතැයි රජයේ විගණකාධිපති වාර්තාවක් මඟින් හෙළි කර තිබෙන බව මස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (03දා) මාධ්‍ය හමුවක් පවත්වමින් දඹු

Read More

පාතාලයේ ක්‍රියාකාරකම් රැසකට ඍජුව සම්බන්ධ වූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන ලියනගේ හර්ෂ චතුරංග පෙරේරා නොහොත් ’’පෙතියාගොඩ සංඛ’’ නැමැත්තා සහ තවත් පුද්ගලයන් දෙදෙනෙක් විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

Read More

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ. මෙහිදී උමංදාව විහාරාධිපති පිටිදූවේ සිරිධම්ම හිමියන් ජනපතිවරයා වෙත යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කර තිබේ.

Read More

සොරාගෙන අත්හැර දමා ගිය රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා යතුරුපැදියක් පිළිබඳ පරීක්ෂණ සිදු නොකර සිය පරිහරණය සඳහා යොදා ගත් පොලිස් කොස්තාපල්වරයකු කොහුවල පොලිසියේ මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

එළැඹෙන 05 දා මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල තවදුරටත් පහළ දැමීමට කටයුතු කරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. මේ වන විට මෑතකාලීනව අවස්තා දෙකකදී ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට සමාගම කටයුතු කර තිබේ.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ නීති අංශයේ අධ්‍යාපනය හදාරන නීති ශිෂ්‍යයන්ට සිදුකරන පහරදීම් හා බැණ වැදීම් නතර කරන බවට ශිෂ්‍ය සංගමය ලිඛිත පොරොන්දුවක් දෙන තුරු එහි අධ්‍යයන කටයුතු නැවත ආරම්භ නොකරන බව කලා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පවසයි.

Read More

තඹුත්තේගමදී පසුගිය දා බැංකු කොල්ලකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් බී.ඒ. බුද්ධික කුමාර මහතා උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

වී වලට නිසි මිලක් සහ ලබන මහ කන්නයට නිසි වෙලාවට පොහොර ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් ගොවි පෙරමුණ සහ පොළොන්නරුවේ ගොවීන් අද (03දා) උදෑසන පොළොන්නරුව නගරයේ දී විරෝධතාවක් පැවැත්විනි.

Read More

වසර ගණන් එක දිගට විෂය දැනුම මතක තබාගෙන විභාගවලට මුහුණ දීමේ පීඩාකාරී මානසික වධයෙන් දරුවන් නිදහස් කිරීමට තමන් දැඩි පරිශ්‍රමයක නිරත වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

පසුගිය කාලයේදී ඩීසල් ලීටරයකින් රුපියල් 30ක පමණ අලාභයක් ලැබුවත් මේ වන විට රුපියලක පමණ ලාභයක් ලබන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් මෙැවැනි ලාභයක් ලැබීම ඩීසල් මිල අඩු කිරීමට ප්‍රමාණවත් නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් මේ වන විට ලෝක වෙළඳපොළ තුළ තෙල් මිල පහළ යාම හේතුවෙන් තවත් දින 14කින් 15කින් සංශෝධනයක් සිදු කිරීමට හැකි වෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

Read More

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සදහා ජපානයේ සාත්තු සේවක අංශයේ රැකියා දහසකට වඩා වැඩි සංඛ්‍යාවක් ලබන වසරේදී ලබාදීමට, ජපානයේ GTN - Global Trust Network ආයතනය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික වී තිබේ.

Read More

රත්නපුර ගොඩකවෙල බලවින්න ප්‍රදේශයේ පොල් වත්තකින් පොල් අහුලන්න ගිය විවාක කාන්තාවට(මෙරට නිෂ්පාදිත ගිනි අවියක්) බදින තුවක්කුවක් පත්තු වී ගොඩකවෙල රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මරණයට පත්ව ඇති බව ගොඩකවෙල පොලිසිය පවසයි.

Read More

රුපියල් කෝටි 06කට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු කිලෝග්‍රැම් 03ක් මොන්ටරෝ වර්ගයේ මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදි දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුමේ වලහන්දුව බඹරගොඩ හන්දියේ දි ඊයේ (02දා) රාත්‍රි සොයාගත් බැව් අක්මිමන පොලිසිය පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට මත්තෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය චරිත හේරත් මහතා නව කොප් කාරක සභාව වෙත පත්කර නොමැත.

Read More

ශ්‍රී ලංකාවේ ජනතාව පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී සිටින මොහොතක, අවශ්‍ය ප්‍රතිසංස්කරණමය ක්‍රියාවලියක් සහිතව එම අර්බුදය සාර්ථකව ජය ගනිමින් රට සෞභාග්‍යය කරා ගෙන යාමට සහ කල්පවත්නා ජාතික සංහිඳියාවේ මාවතකට ප්‍රවේශවීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය වීමට යුරෝපා සංගමය කැපවී සිටින බව යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් (Ursula Von Der Leyen) මහත්මිය සඳහන් කළාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.