saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 4695 hours ago

LATEST

අම්බලන්ගොඩ වෙරළේ දිය නෑ සිසුවෙක් මරුට තවත් අයෙක් අතුරුදන්

calendar_today 2022 ඔක් 20 - 08:40 remove_red_eye - 215  

අම්බලන්ගොඩ වෙරළ තීරයෙන් ඊයේ (20)පස්වරුවේ දිය නෑමට ගිය පාසල් සිසුන් පිරිසක් දියේ ගසාගෙන ගොස් එක් අයෙකු මරුමුවට පත්වී තවත් සිසුවෙකු අතුරුදහන්වී ඇති අම්බලන්ගොඩ පොලීසිය කියයි.

තිකෝ සමූහ ව්‍යාපාරයේ’ හිමිකාරිනිය වන තිළිණී ප්‍රියමාලි නමැත්තියට අයත් ගිණුමට මේ වසරේ, ජනවාරි මස සිට ජුනි මස දක්වා වූ මාස හයක කාලයක රුපියල් කෝටි 300ක මුදලක් තැන්පත් වී ඇති බවත්, මේ වන විට එම ගිණුමේ කිසිදු මුදලක් ඉතිරිව නොමැති බවත්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

Read More

මෙම තීරණය ගෙන ඇත්තේ යුක්රේන හමුදා කෙර්සන් කලාපයේ අගනුවරට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටින බවට වාර්තා වීම අතරතුරය.

Read More

මහනුවර හල්ඔළුව සීමා මාලය අසළින් හක්කිඳ දූපත් සමූහය ආසන්නයේ දිය නෑම සඳහා මහවැලි ගඟට බසින ලද තරුණයින් දෙදෙනෙකු අතරින් එක් අයෙකු දියේ ගසාගෙන ගොස් ඇතුරුදන් වී ඇති අතර එම තරුණයා මහනුවර ගිනි නිවීම් ඒකයය, පොලීසිය හා යුද හමුදාව ඒකාබද්ධව කළ මෙහෙයුමකින් පසු ඔහුගේ ජීවිතය බේරා ගැනීමට සමත්විය.

Read More

ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය (ONS) පැවසුවේ පාරිභෝගික මිල දර්ශකය (CPI) සැප්තැම්බර් මාසයේදී වාර්ෂිකව 10.1%කින් ඉහළ ගොස් ඇති බවයි.

Read More

1954 වර්ෂයේ රජයේ රසායනික කර්මාන්ත ශාලාව ලෙසින් ආරම්භ කොට ඇති මෙම පරන්තන් කර්මාන්ත ශාලාවෙන් එකල ප්‍රධාන අමුද්‍රව්‍යක් ලෙස ලුණු යොදා ගනිමින් දියර ක්ලෝරීන්, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, සින්ක් ක්ලෝරයිඩ් සහ ෆෙරික් ක්ලෝරයිඩ් නිෂ්පාදනය කොට තිබෙයි. යුධමය වාතාවරණය නිසා 1985 න් පසු නිෂ්පාදන කටයුතු ඇනහිට තිබෙන අතර මේ වනවිට දේශීය කර්මාන්ත සදහා අවශ්‍ය ක්ලෝරීන් , කෝස්ටික් සෝඩා සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ආනයනය කොට බෙදා හැරීම සමාගම මගින් සිදුකෙරෙයි.

Read More

උතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ මිසයිල තර්ජනවලට මුහුණ දීම සඳහා ආරක්ෂක හැකියාවන් ඔප්නැංවීම වෙනුවෙන් උතුරු කොරියාව සඳුදා එහි වාර්ෂික හොගුක් ක්ෂේත්‍ර පුහුණුව ආරම්භ කළේය.

Read More

ශෙහාන් කරුණාලික මහතා රචනා කළ මෙන්ම පසුගියදා ’බුකර්’ සම්මානයෙන් පිදුම්ලද ‌ග්‍රන්ථය වන ’The Seven Moons of Maali Almeida’ නම් කෘතිය පාර්ලිමේන්තු පුස්තකාලය වෙත පරිත්‍යාග කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා කටයුතු කළේය. පාර්ලිමේන්තුවේ අද පැවැති විවාදයක් අතරතුළදී ඔහු ‌මේ බව ප්‍රකාශ කළේය.

Read More

පසුගිය කාලයේ සිදු කළ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා රටට රුපියල් බිලියන 700ක් අහිමි වෙලා පසුගිය වසර දෙක හමාර තුළ රුපියල් බිලියන 2300ක මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය 70%කින් වැඩිවෙලා ඍජු බදු වැඩි කර, රටේ ආදායම වැඩි නොකළ හොත් නැවත පෝලිං යුගයකට යාමට සිදු වෙනවා

Read More

ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂය වසර 24කට පසු ගාන්ධි නොවන අයෙකු ප්‍රථම වරට එහි සභාපති ලෙස පත්කරගෙන තිබේ.

Read More

ජාත්‍යන්තර වශයෙන් මෙරට ප්‍රතිරෑපය ගොඩනංවා ගැනීම සඳහා දේශීය යාන්ත්‍රණයක් ඔස්සේ කටයුතු කිරීමට සියලු දේශපාලන පක්ෂ ඇතුලු කණ්ඩායම් සඳහා ආරාධනා කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය.

Read More

වොඩ්කා ලබා ගැනීමෙන් පසු රුසියානු නායකයාට වයින් බෝතල් යැවූ බව සිල්වියෝ බර්ලුස්කෝනි පක්ෂ සාමාජිකයින්ට පවසා ඇති බව වාර්තා වේ.

Read More

ශ්‍රී ලංකාව පුරා විශාල පිරිසක් දෛනිකව මිලදී ගන්නා ලොතරැයි පත් දුම්රිය මගින් දිවයින පුරා ප්‍රවාහනය කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

ණය පහසුකමක් යටතේ මෙරටට ඉන්ධන ලබා ගැනීම සඳහා රුසියානු මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡාවක් පැවැති බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

Read More

මෙරට සිටින බහුතර දේශපාලනඥයන් වංචාව, දූෂණයට එරෙහි නොවන බවත් වංචනිකයන් හා දුෂිතයන්හට දේශපාලන රැකවරණය ලබාදෙන බවත් මේ සම්බන්ධයෙන් රටේ පාලකයන් හා දේශපාලකයන් කොතෙක් දැනුවත් කළ ද අනුශාසනා කළ ද ඵලක් නොවන බව අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි පැවසීය .

Read More

පිලියන්දල කැස්බෑව ප්‍රාදේශීය මහ ලේකම් කාර්‍යාලයට අද (19දා) අලුයම ඇතුළු වූ පුද්ගලයෙක් සේප්පුව කැඩීමට උත්සාහ දරා ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

Read More

රුපියල් බිලියන ගණනක මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින තිළිණි ප්‍රියමාලි හා තවත් පුද්ගලයෙක් නිදහස් කරන ලෙස තමන් පොලීසියට දුරකතන ඇමතුම් නොදුන් බවත් තම පවුලේ කිසිවෙකුත් ඇය හා සම්බන්ධයක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.

Read More

භාණ්ඩ හයක මිල අද (19දා) සිට ක්‍රියාත්මක වන පිරිදි පහළ දැමීමට ලංකා සතොස කටයුතු කර තිබේ. මේ අනුව සුදු ළුණු, පාන් පිටි, හාල්මැස්සන්, කඩල පරිප්පු, සුදු සීනි, ආනයනික සුදු කැකුළු යන භාණ්ඩ හයක මිල මෙසේ අඩු කර තිබේ.

Read More

විදේශිය රටක නිෂ්පාදිත අර්ධ ස්වංක්‍රීය බ්‍රවුන් වර්ගයේ ගිනි අවි දෙකක් හා ජීව උන්ඩ 17 ක් මිදිගම ඉබ්බාවල මස්හේන ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙයි වල දමා තිබිය දී ඊයේ (18දා) සවස පොලිස් භාරයට ගත් බව මිදිගම පොලීසිය පවසයි.

Read More

වව්නියාව නෙඩුන්කේනි ශිවානගර් ප්‍රදේශයේදී ඊයේ (18දා) රාත්‍රියේ නිවසක් ඉදිරිපිටදී සිදු වූ වෙඩිතැබීමකින් තරුණියක් එම ස්ථානයේදීම මිය ගිය බවට නෙඩුන්කේනි පොලීසිය පවසයි.

Read More

හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානය යටතේ පාලනය වන නන්පේරියල් ලෝකාන්තය ප්‍රදේශයේ බලපත්‍රයක් නොමැතිව විශාල පරිසර හානියක් කරමින් අනවසරෙන් මැණික් ගැරු සැකකරුවන් හත්දෙනෙකු හොර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ නිලධාරින් විසින් ඊයේ (18දා) අත්අඩංගුවට ගෙන සැකකරුවන් නුවරඑලිය මහෙස්ත්‍රාත් තිළිණ එන් පිරිස් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් ලබන මස (02දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කලහ.

Read More

රාජ්‍ය මුදල් අවභාවිත කළ නිලධාරීන්ගෙන්, එසේ කිරීමට තීරණ ගන්නා ලද නිලධාරින් හා දේශපාලඥයින්ගෙන් රජයට අහිමි වූ මුදල් ආපසු අය කරගැනීමේ බලතල රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට ලබා දෙන්නැයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් යෝජනා...

Read More

වර්ථමානයේ බන්ධනාගාර දූෂිත මෙන්ම සිරකරැවන්ට නිසි පරිදි සැලකීම් නොකරන තැනක් බවට පත්ව තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය පැවසීය.

Read More

යක්කලමුල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් සිව් හැවිරිදි දරුවකු හා තවත් අයකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට තිබේ.

Read More

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන තිළිණි ප්‍රියමාලිව තවදුරටත් ලබන නොවැම්බර් 02දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

මඩකලපුව කල්ලඩි ආරයම්පති වැනි ප්‍රදේශවල මහා පරිමාණ මංකොල්ලකෑම්වලට සම්බන්ධයි. සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සොරකම් කරන ලද යතුරුපැදි, ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෝතල් සහ රන් ආභරණ ද සොයා ගත් බව කාත්තාන්කුකුඩි පොලිසිය පවසයි.

Read More

මඩකලපුව තාලංකුඩා ප්‍රදේශයේ නිතර ගැවසෙන වඳුරෙකුට ආහාර දුන් පුද්ගලයා ජීවිතක්ෂයට පත්වීමෙන් පසුව ඔහුගේ දේහය මත නැඟ ඔහුට ගෞරවය පුද කරන සිදුවීමක් වාර්තා වෙයි.

Read More

එදාට තේ රට යවන සමාගම් වලට වගේ, පැලවත්තට අමුද්‍රව්‍යය දෙයි, ඔයගොල්ල නිෂ්පාදන අරගෙන දරුවට පිරිසිදු කිරි පිටි ටිකක් දෙයි. අපි ගාව ටොන් 12 -15 ක් වගේ අතිරික්තයක් බටර් තියෙනවා.හරි නම් අපි ඒක පිටරට යවන්න ඔ්න, එහෙම කෙරුවා නම් අපිට විදේශ විනිමය හම්බෙනවා.ඒ හරහා අපිට තෙල් ගන්න පුලුවන්.

Read More

ආබාධයක් හේතුවෙන් විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වූ දුෂ්මන්ත චමීර වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

Read More

අපවත් වී වදාළ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.