සාගර විශ්ව විද්‍යාල සිසුවාගේ සිරුර අඹකදවිලින් මතුවෙයි
හලාවත මුහුදේ දිය නාමින් සිටියදි දිය රළකට හසුව අතුරුදහන්ව සිටි සාගර විශ්ව විද්‍යාල සිසුවාගෙ සිරුර අද (13දා) අලුයම ඉරණවිල අඹකදවිල මුහුදේ පාවෙමින් තිබියදී ධීවරයින් විසින් ගොඩබිමට රැගෙන විත් තිබූ බව හලාවත මුලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ අවාසනාවන්ත අයුරින් මරණයට පත්ව ඇත්තේ මට්ටක්කුලිය සාගර විශ්ව විද්‍යාලයෙ ඉංජීනේරු පිඨයේ අවසන් වසර අධ්‍යන කටයුතු වල නිතර වෙමින් සිටි රඹුක්කන වහව බණ්ඩාරවත්ත ප්‍රදේශයෙ පදිංචිව සිටි මලිත් ධීමන්ත ජයලත් නැමති 25 හැවිරිදි සිසුවෙකු බව කියයි.
මෙම ඉංජීනේරු සිසුවා තම පවුලේ 60 කට ආසන්න පිරිසක් සමග 11 දින විනෝද චාරිකාවක නිරත වෙමින් සිටියදී හලාවත තානායම ඉදිරිපිට මුහුදේ දිය නාමින් සිටියදී මෙසේ දිය රළකට හසුව ගසාගෙන ගොස් අතුරුදහන්ව තිබුණි.
සිසුවාගෙ සිරුර සොයා නාවික හමුදා කිමිදුම් ඒකකය දින දෙකක් පුරා මෙහෙයුම් කර තිබුණද සිරුර හමුවී නොතිබු බව කියයි.
කෙසේ වෙතත් 13 දින අලුයම ධීවර කටයුතු වල නිරත වෙමින් සිටි අඹකදවිල ධීවරයින් මුහුදේ මළ සිරුරක් පාවෙනු දැක ඒ බව හලාවත මුලස්ථාන පොලිසියට දැනුවත් කිරීමේන් පසු පොලිස් දැනුම් දීම මත සිරුර අඹකදවිල වෙරළර රැගෙන ඒමට කටයුතු කර තිබුනී.
මෙම සිසුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය හලාවත මහ රෝහලේදී 13 දින දහවල් පැවැත්විමට නියමිතව ඇති බව පොලිසිය කියයි.
හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් යු. ගමගේ මහතාගේ උපදෙස් මත හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලියු.ඩි.එස්.පත්මකුමාර මහතා ඇතුළු කණ්ඩායමක් පරික්ෂණ සදහා එක්වි සිටිති.

popular news
-
Bandu Abey Tuesday, 14 February 2023 03:47 AM
It is so sad to hear so many deaths due to drowning these days. May be they were ignored before. But fact remains that people living in a place like Lanka - a land mass encircled by the ocean and consists of so many internal waterways - cannot swim without fearing of water, main course of drowning. It is high time to prioritise the swimming at school levels in order to save life destroy in vain.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

