ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාව වෙත පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවීමත් සමග ජනවාරි මාසයේදී සංචාරක ව්‍යාපාරයෙන් උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 161.8ක ආදායමක් උපයා ඇතැයි ඇස්තමේන්තු ගත කර තිබේ.
එය 2022 අනුරූප කාලයට සාපේක්ෂව සියයට 6.7ක වර්ධනයකි. පාස්කු ප්‍රහාරයෙන් හා කොවිඩ් වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය යළිත් පැවැති තත්ත්වයට පැමිණීම පෙන්වන යහපත් කරුණක් වෙයි.
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තියුණු ලෙස අවප්‍රමාණය වීමෙන් පසුව, ගෝලීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව සාපේක්ෂව ලාභ සංචාරක විකල්පයක් වීමද සංචාරක ආකර්ශනය ශ්‍රී ලංකාව වෙත හිමිවීමට හේතුවක් වෙයි.
මෙම ආකාරයට සංචාරක පැමිණීම වර්ධනය වුවහොත් 2023 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 2 - 2.5 ක් අතර විදේශ විනියම ආදායමක් උපයා ගත හැකි වෙනු ඇතැයි ඇස්තමේන්තු ගත කර තිබේ.