කුලියාපිටිය මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු අමිල සම්පත් ආරියසේන මහතා ගේ මෝටර් රථය කොල්ල කෑ පුද්ගලයා දුරකථන ඇමතුම් ලබාදී ඇත්තේ කාන්තාවකගේ නමට ලබාගත් සිම් පතකින් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී යැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය.
වර්ෂ 1960 න් උපන් එම නම හිමි හැඳුනුම්පත අයත් කාන්තාව සොයා පරීක්ෂණ පැවැත්වීමේදී ඇය මීට වසර කිහිපයකට ඉහත දී මියගොස් ඇති බවත් ඇයගේ පුතු දෙහිවල ප්‍රදේශයේ අයෙකු වන තදින් මත් කුඩුවලට ඇබ්බැහි වූවෙකු බව ද පොලිසිය කියයි.
ඔහුගේන් මවගේ හැඳුනුම්පත පිළිබඳ විමසීමේදී මීට වසර කිහිපයකට පෙර දී නැති වූ බව පැවසී යැයි පොලිස් නිලධාරියා කීය.
මහේස්ත්රාත්වරයාගේ මෝටර් රථය කොල්ල කෑ දින එනම් (11) දින කොල්ලකරු එම දුරකථන අංකයෙන් ඇමතුම් එකොළහක් විවිධ පුද්ගලයන්ට ලබා ගෙන ඇති බවද එම සියළුම පුද්ගලයන් ප්‍රසිද්ධ වෙබ් අඩවියක වෙළඳ දැන්වීම් පළ කළ අය බව ද පොලිසිය කියයි
ඒ අතර බහුතරයක් පුද්ගලයන් උසස් වර්ගයේ ජංගම දුරකථන අලෙවි කිරීම සඳහා දැන්වීම් පළ කළ අය බව ද සෙසු අය නිවාස කුලී පදනම මත ලබාදීම සඳහා හා විදේශ මුදල් අලෙවි කිරීම සඳහා දැන්වීම් පළ කළ අය බව ද පොලිසිය සඳහන් කරයි
ඒ අනුව සැකකරු වත්තල ප්‍රදේශයේ කාන්තාවන් සතුව තිබූ ඩොලර් මිලදී ගැනීම සඳහා ගොස් ඒවා පරික්ෂා කිරීම සඳහා ඉල්ලීමේදී එම කාන්තාවට සැක සිතී එක් ඩොලර් නෝට්ටුවක් පමණ එම පුද්ගලයා අතට පත් කර ඇති අතර ඔහු සියලුම ඩොලර් නෝට්ටු ඉල්ලා ඇති අතර ඒවා ලබා දීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟම සැකකරු එම ස්ථානයෙන් පිටව ගොස් තිබූ බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනෙක් දුරකථන වලට කතාකර එම භාණ්ඩවල ඒ ගැන විමසා ඇතැයි ද විමර්ශන වලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත. කොල්ලකරු පෙරේදා 12 දින මහේස්ත්රාත්වරයාට දුරකථනයෙන් අමතා මෝටර් රථයේ තිබූ ලිපි ලේඛන ලබාදීමට නම් රුපියල් ලක්ෂ පහක මුදලක් අවශ්‍ය බවට ද පවසා ඇතැයි පොලිසිය කියයි
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය, පොලිස් අධිකාරි සමන් ජයසේකර මහත්වරුන් ගේ උපදෙස් පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. එස්. පුෂ්පකුමාර, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ, උප පොලිස් පරීක්ෂක නිල් ප්‍රියන්ත මහත්වරුන් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.
පින්තූර - මහේස්ත්‍රාත් වරයා නිවස පෙන්වීම සඳහා සිය මෝටර් රථයෙන් ගමන් කරන අයුරු සීසීටීවී කැමරාවේ සටහන්ව තිබුණේ මෙසේය
පසුපසින් ධාවනය වන්නේ කොල්ලකරු ගමන්ගත් තිරෝද රථය
