කෙල්ලෝ දෙවැනි තරගයත් දිනති
පන්දුවාර විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්රී ලංකා කණ්ඩායම ක්රීඩා කළ දෙවැනි තරගයෙන්ද විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්රී ලංකා ක්රීඩිකාවෝ සමත්වූය.
තරගාවලියේ පස්වැනි තරගය ලෙසින් පැවැති මෙම තරගය බංග්ලාදේශයට එරෙහිව පැවැත්විණ. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 8ට ලකුණු 126ක් රැස්කිරීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්රිඩා කළ ශ්රි ලංකා ක්රීඩිකාවෝ පන්දුවාර 18.2කදී කඩුලු 3ක් දැවී ලකුණු 129ක් රැස්කරමින් තරගය ජයග්රහණය කළෝය.
සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණ ලකුණු 104ක සබඳතාවක් පවත්වා ගැනීමට හර්ෂිතා සමරවිකම (ලකුණු 69) හා නිලක්ෂිද සිල්වා (ලකුණු 41) සමත්වූහ. තරගයේ වීරවරිය ලෙස ආරම්භක පිතිකාරිනී හර්ෂිතා සම්මාන ලැබුවාය.
popular news
-
Ahamed Monday, 13 February 2023 04:37 AM
Well done Girls!! congrats!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
