ආරච්චිකට්ටුව බුරුත කැලේ ප්‍රදේශයේ ස්ථාන දෙකක කලක සිට පවත්වාගෙන ගිය නීතිවිරෝධි මත්පැන් පෙරීමේ ස්ථාන දෙකක් වටලා ලක්ෂ තිහකට ආසන්න මත්පැන්, ගෝඩා ඇතුළු පෙරිමේ උපකරන රැසක් සමග සැකකරුවන් දෙදෙනෙකු පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් ඊයේ (18දා) සවස අත්අඩංගුවට ගත් බව පවසයි.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ප්‍රංශයේ සැඟව සිටින රූබන් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ ලාල් පීරිස් නොහොත් කුඩු ලාල්ගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන ගෝලයන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
Read Moreදරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාධනීය පියවර ගත්තත් ඔහුගේම කැබිනට් මණ්ඩලයේ ඇතැම් අමාත්‍යවරුන් එයට එරෙහිව කටයුතු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
Read Moreනීති අධ්‍යාපනය හැදෑරීම වෙනුවෙන් ප්‍රවේශ විභාගය සිංහල හා දෙමළ යන භාෂාවෙන් සිදුකළ හැකි නමුත් අධ්‍යන කටයුතු සිදුකළ යුතු වන්නේ ඉංග්‍රීසියෙන් බව නීති අධ්‍යාපන කොමිෂම සඳහන් කර ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreනිසි පෝෂණය සහිත ආහාර වේලක් ලැබෙන ප්‍රමාණය රටේ ජනතාවගෙන් 1/5ක් පමණක් බවත් රටේ ජනතාවගේ අදායමෙන් 75%ක්ම ආහාර සඳහා වියදම් වන බවත් ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදි අද අනාවරණය විය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබේ. ඒ ඊයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම හා පැවැති තරගයේදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.
Read Moreඅනුරාධපුර අටමස්ථානාධිපති, උතුරු මධ්‍ය දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියෝ අපවත්වූහ. අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි උන්වහන්සේ මෙසේ අපවත්වූහ.
Read More“මම ජාතික අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා නොකළේ නම් එය සම්පූර්ණයෙන්ම වගකීම් විරහිත ක්‍රියාවක් වනු ඇති” බ්‍රිතාන්‍ය අගමැතිනිය පවසයි.
Read Moreඛණිජ තෙල් සංශෝධන පනතින් පිටරට සමාගම් කිහිපයකට මෙරට තෙල් වෙළඳපොළට ඇතුල් වීමට ඉඩ දීම හරහා සිදුවන්නේ මෙරට තිබෙන ඩොලර් අර්බුදය අඩු වීම වෙනුවට තවදුරටත් ඩොලර් අර්බුදය උත්සන්න වීම බව ස්වාධීන වූ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
Read Moreකොළඹ, රාගම හා පේරාදෙණිය රෝහල්වලදි පැය 24 ක් තුළ සාර්ථක අක්මා සැත්කම් 3 ක් කිරිමට හැකි වූ බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා පවසයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සත්කාරකත්වය සපයන ලද කම්පාලා හි ඉබෝලා රෝග පැතිරීම සඳහා සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා දේශසීමා සහයෝගිතාව පිළිබඳ ඉහළ මට්ටමේ හදිසි අමාත්‍ය රැස්වීමකදී නිලධාරීන් හමුවිය.
Read Moreනිවසේ ඇති කරන සුනඛයකු විසින් මහමග වැටී තිබූ මුදල් පසුම්බියක් නිවසට ගෙන ඒමෙන් පසු එය පරික්ෂා කිරීමේදී එහි මුදලින් රුපියල් 7000 ක් රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු රන් මාලයක් තිබී හමුවී එය නැවතත් හිමිකරුට ලබාදීමේ සිද්ධියක් මහනුවර අලදෙනිය පොලිස් වසමෙන් වාර්තා වේ.
Read Moreඅන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් කැළණිය සරසවිය අසළින් අවහිර වී තිබූ කොළඹ - නුවර මාර්ගයේ මංතීරු දෙකක් මේ වනවිට ගමනාගමනයට විවෘත කර ඇතැයි වාර්තා වෙයි.
Read Moreයම් අයෙකු පියවර 9,800ක් ඇවිද ගියහොත් ඔවුන් ඩිමෙන්ෂියාව වැළඳීමේ අවදානම 50%කින් අඩු කරන අතර, 3,800 ක් වැනි සුළු ප්‍රමාණයක් ගැනීමෙන් අවස්ථා 25%කින් අඩු වේ.
Read More22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුමට ඉදිරිපත් කිරිමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් බවත් ඒ් අනුව ඒ සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමේදී පනතට පක්ෂව කැබිනට් මණ්ඩලය ඡන්දය ප්‍රකාශ කරන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreයුරෝපයේ ප්‍රබතම රාජ්‍ය ලෙස සැලකෙන ජර්මනියේ මෙන්ම, මේ වනවිට එම කලාපයේ රටවල් රැසක උද්ධමනය ඉහළ යෑමක් වාර්තා වේ.
Read Moreදැන් රට තුළ පවතින්නේ සටන් විරාමයක් බවත්, සමාජ පිපිරීම අත්‍යාසන්නයටම පැමිණ ඇති බවත් 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreඛණිජතෙල් පනතට ඉදිරිපත් කර තිබෙන සංශෝධන තුළ ස්වාධීන නියාමන ආයතන පිළිබඳ පැහැදිලි සඳහනක් නොමැති බවත් නියාමන අධිකාරිය ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂම සඳහන් කරන්නේ නම් පමණක් ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවාධන පනතට සමගි ජනබලවේගය පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසීය.
Read Moreමෙම සම්බාධකවලට ගමන් තහනමකින් සහ වත්කම් රඳවා ගැනීමකින් සමන්විත වේ. ඊට අමතරව, ලැයිස්තුගත පුද්ගලයන්ට සහ ආයතනවලට අරමුදල් ලබා දීම යුරෝපා සංගම් පුරවැසියන්ට සහ සමාගම්වලට තහනම් කර ඇත.
Read Moreඉන්ධන මිල සංශෝධනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් මත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජුලි, අගෝස්තු හා සැප්තැම්බර්ය යන මාසවලදි ලාභයක් ලබා ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදීය.
Read Moreජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) සේවය කරන ’රුසියානු ගගනගාමියෙකු’ යැයි පවසමින් පුද්ගලයෙකු ජපාන කාන්තාවකගෙන් යෙන් මිලියන 4.4ක් (ඩොලර් 30,000) වංචා කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය හා එක්සත් ජනපද-ශ්‍රී ලංකා සබඳතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreවාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ සංචාරක හෝටලයක පිහිනුම් තටාකය තුල කොරියානු ජාතිකයෙක් මියගොස් සිටි බව වාද්දූව පොලීසිය පවසයි.
Read Moreගුවන් යානා ඉන්ධන සැපයීමේදී ශ්‍රී ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාවට ඇති ඒකාධිකාරිය ලිහිල් කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය. ඛනිජ තෙල් නිශ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු කළ ප්‍රකාශයේදී මේ බව සඳහන් කළේය.
Read Moreපන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්සත් අරාබි ඒමීර් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි ඒමීර් රාජ්‍ය මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නේය. ලෝක කුසලානය තුළ ශ්‍රී ලංකාවට රැදී සිටීමට නම් මෙම තරගය තිරණාත්මක වෙයි.
Read Moreපන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්සත් අරාබි ඒමීර් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි ඒමීර් රාජ්‍ය මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නේය. ලෝක කුසලානය තුළ ශ්‍රී ලංකාවට රැදී සිටීමට නම් මෙම තරගය තිරණාත්මක වෙයි.
Read Moreලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරගයක් ලෙසින් නැම්බියා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට නෙදරල්නත් කණ්ඩායම සමත්විය.
Read Moreශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය සීමාව රුපියල් බිලියන 666කින් ඉහළ දැමීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබුණ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමේ අපේක්ෂාවෙන් මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ රැස්වීමක් සංවිධානය කිරීමට ජපානය කටයුතු කරමින් සිටින බව ජපාන මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඉන්දියාවේ දී ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු සමග හෝටලයක අඹු සැමියන් ලෙස හැසිරී ඒය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර එම වීඩියෝව ලංකාවේ නිවැසියන්ට පෙන්වන බවට තර්ජනය කරමින් අදාළ ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 70ක කප්පම් මුදල් ලබා ගැනීමට උත්සාහ දැරූ රූමත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකය පවසයි.
Read More