රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් කල පරීක්ෂණයකට අදාලව පානදුර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති වරයා සහ කොස්තාපල් වරයෙකු ඊයේ (13) පස්වරුවේ මහනුවර විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ප්රශ්න කිරීම සදහා රැගෙන ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් මහනුවර විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන කල පරීක්ෂණ අතරතුර ලද ප්රකාශයක් මත පොලිස් නිළධාරීන් දෙදෙනා පොලිස් භාරයට ගෙන ඇතැයි සදහන් වේ.
මහනුවර විශේෂ පොලිස් කණ්ඩායමක අත්අඩංගුවේ පසුවන සැකකරුව මීට පෙර පානදුර මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර , එහිදී සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් රණ්භාණ්ඩ තොගයට වඩා වැඩි ප්රමාණයක් පානදුර මූලස්ථානය පොලිසිය වෙත භාරදුන් බවට සැකකරු ප්රකාශ ලබාදී ඇතැයිද සදහාත් වේ.
ඒ අනුව සැකකරු ප්රකාශ කරන පරිදි ඔහු සන්තකයේ තිබූ රණ්භාණ්ඩ පානදුර අපරාධ අංශ නිළධාරීන් දෙදෙනා සිය සන්තකයේ තබාගෙන ඇති බවට ලද සැකය මත පොලිස් නිළධාරීන් දෙදෙනා භාරයට ගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.
මහනුවර විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව උසස් පොලිස් නිළධාරීයෙක් කීය.
සුමිත පොතුපිටිය/බිමල් ජයසිංහ