රජයේ රෝහල්වල පවතින අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය හේතුවෙන් බොහෝ පිරිසක් දැඩි අපහසුතාවට පත්ව තිබේ. පිළිකා රෝගීන් වෙනුවෙන් වූ අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක් පැවැතීමද කැපී පෙනෙයි.
මේ අතර රෝහල්වල නැවතී සිටින රෝගීන්ට අවශ්‍ය ඖෂධ පිටතින් රැගෙන එන ලෙසට වෛද්‍යවරුන් දන්වා සිටීමත් සමග රෝගීන්ගේ ඥාතීන් දැඩි අපහසුතාවට පත්ව තිබේ.
මේ හේතුවෙන් දුම්රිය හා බස් වැනි පොදු ප්‍රවාහන සේවා වල ඖෂධ ලබා ගැනීම වෙනුවෙන් මුදල් ඉල්ලා සිඟමන් යදින පිරිස් ක්‍රම යෙන් වැඩිවෙමින් තිබේ.
මේ අතරින් බොහෝමයක් සත්‍ය ලෙසම ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් මුදල් ඉල්ලා සිටින පිරිස් වන අතර සමාජයේ සිටින ඇතැම් කෛටික පුද්ගලයන් නිසා සත්යවශනේම මුදල් අවැසි පුද්ගලයන්ටද තම අසරණ භාවය ප්‍රකාශ කරන පුද්ගලයන්ට පවා තම සත්‍ය ප්‍රකාශ කර මුදල් ලබා ගැනීමේ ගැටලුවක් නිර්මාණය වී තිබේ.