මෝටර් රථ අපනයනයෙන් චීනය ජපානයට පමණක් දෙවැනි වෙයි
චීන මෝටර් රථ සම්බන්ධයෙන් විදේශීය වෙලඳපොලවල ඔවුන්ගේ ජනප්රියත්වය ඉහළ යන අතර 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදීද චීනයේ මෝටර් වාහන අපනයනය කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇතැයි එරට වාහන අපනයනකරුවෝ විශ්වාසය පළ කරති.
පසුගිය වසරේ මෝටර් රථ නිෂ්පාදකයින් විසින් වාහන මිලියන 3.11ක් අපනයනය කර ඇති අතර, එය වසරින් වසර සියයට 54.4කින් ඉහළ යාමකි. පසුගිය වසරේදී චීන මෝටර් රථ අපනයනය දෙවැනි වන්නේ ජපානයට පමණක් බවද චීන මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
චීනයේ විශාලතම SUV සහ පිකප් ට්රක් රථ නිෂ්පාදකයා වන Great Wall Motors හි දත්ත බදාදා අනාවරණය කළේ එය ජනවාරි මාසයේදී විදේශයන්හි වාහන 15,998 ක් අලෙවි කර ඇති අතර එය වසරින් වසර සියයට 25.47 කින් වැඩි වී ඇති බවයි.
ලොව ප්රකට ආයෝජකයෙක් වන වැරන් බුෆෙට්ගේ BYD සමාගම පසුගිය මාසයේ වාහන 10,409 අපනයනය කර ඇති අතර එය වසරින් වසර සියයට 57.8 කින් වැඩි වීමකි.
මෙම වසර මුලදී, චීන මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සංගමය ඇස්තමේන්තු කළේ චීනය අවම වශයෙන් මෝටර් වාහන ඒකක මිලියන 3.73ක්වත් අපනයනය කරනු ඇති බවයි.
popular news
-
Kumar Monday, 13 February 2023 04:12 PM
cheena motorratha wadiyen vikineney thuwana lokey ratawalwala pamanak wenna athi. Thawama amerikawe wadiyenma motorratha wickenena paranthaye bawata salakana Californiaway cheena ratha wikunaney naha. Californiawe aleywiya thibena ratha siyallama ithamath ihala mattamey pramithiwalata thibenna oney.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

