මහා පරිමාණ මූල්‍ය වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන යන අය රුපියල් 50,000 මුදල් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (06) නියෝග කළේය.
ආයතන සභාපතිවරු සිව් දෙනෙක් සහ තානාපතිවරයෙකුගේ පත්වීම් වලට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreවිරෝධතාවයක් අතර තුර පොදු දේපොලවලට හානි කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂූ බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් චාමිකා විජේබණ්ඩාර මහත්මිය අද (6දා) නියෝග කළාය.
Read Moreශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇති සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ්‍ය බව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ නියෝජිතයින් පවසති.
Read Moreපාසල් සිසුන්ට අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති බෙදාහැරි පාසල් සිසුවෙකු සහ තවත් පුද්ගලයන් තිදෙනෙක් හොරණ මිල්ලනිය ප්‍රදේශයේ සිදුකළ වැටලීම් දෙකක දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
Read Moreවිදෙස් රටක නිශ්පාදිත දුම්වැටි 2640 ක් නීතිවිරෝධීව ගෙන්වා සඟවාගෙන සිටි පුද්ගලයෙකු යාපනය තෙලිප්පලෙයි ප්‍රදේශයේදී ඊයේ (05දා) සවස අත්අඩංගුවට ගත් බව තෙලිප්පලෙයි පොලීසිය පවසයි.
Read Moreධීවර කර්මාන්තයට අවශ්‍ය ඉන්ධන සහ භූමිතෙල් සහනාධාරය ලබා දුන්නොත් ජනාධිපතිතුමාගේ කකුල් දෙක අල්ලා වඳින බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා පවසයි.
Read Moreපයාගල ඇලගහවත්ත මුහුදු වෙරළට පැමිණි දැවැන්ත කිඹුලෙකු ධිවර ජනතාව විසින් අල්ලා ගැට ගසා තිබේ.
Read Moreනාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය විදේශ ණය ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙසට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දී තිබේ.
Read Moreරජයේ සේවකයින් වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට අනිවාර්යයෙන්ම විශ්‍රාම ගතයුතු බවට වන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreචීනය සමඟ පැවැති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ප්‍රමාද වූයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සමුළුව පැවැති නිසා බවත් මේ වන විට එම සමුළුව අවසන් ව ඇති බැවින් එම සාකච්ඡා කඩිනම් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
Read Moreලබන ජනවාරි මාසයේ විදුලි බිල අනිවාර්යයෙන්ම වැඩි කළ යුතු බවත් එසේ නොවුණ හොත් ලබන වසරේදී අනිවාර්යයෙන්ම පැය 6-8ක විදුලි කප්පාදුවකට යාමට සිදුවෙනු ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.
Read Moreජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් සහනදායී මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ඇති සුදුසුකම් අනුමත කිරීමට ලෝක බැංකුව කටයුතු කර තිබේ.
Read Moreඉතා දුර්ලභ ගනයේ පුරා විද්‍යා වටිනාකමින් යුතු කිරිගරුඬ සමාධී බුද්ධ ප්‍රතිමාවක් කන්දකැටිය ගෝඩුන්න දික්කුඹුර ප්‍රදේශයේ නිවසකදී රුපියල් ලක්ෂ 80ක මුදලකට විකිණීමට ගිය පුද්ගලයන් තිදෙනකු ඊයේ (5දා) අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි .
Read Moreරක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් අද (06දා) ළි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.
Read Moreමෙවර මහ කන්නයේ වී වගාවට අවශ්‍ය සම්පූර්ණ බන්ඩි පොහොර (MOP – Muriate of Potash) ප්‍රමාණයම එකවර ඊයේ දිනය (05) තුළ රටට ලැබිනි. වාරිමාර්ග හා මහවැලි අමාත්‍යාංශය යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩ සටහනට ( Mahaweli Water Security Investment Programme) අයත් මුදල් ප්‍රතිපාදන වැය කරමින් මියුරේට් ඔෆ් පොටෑෂ් හෙවත් බන්ඩි පොහොර මිල දී ගැනීමට එම අමාත්‍යාංශය පියවර ගත්තේය.
Read Moreමේ හරහා රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු පිරවීමෙන් අනතුරුව බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව විසිරුවාහැරීමට නියමිත බවද ආරක්ෂක රාජ්‍ය අමාත්‍වරයා සඳහන් කළේය.
Read Moreලබන 10 වැනි සෙනසුරාදා වෙනුවට 13 වැනි අගහරුවාදා පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreදිවුලපැලැස්ස පොලිස් වසමේ වැව්පිටිය ප්‍ර දේශයේදී සිය බාල සහෝදරයා ඝාතනය කළ සැකකරුවෙක් හසලක නිල පොලිස් සුනඛ අංඹයේ කොස්තාපල් 76508 සෙනෙවිරත්න මහතා විසින් හසුරුවන ලද ෂැගී නම් නිල සුනඛයාගෙන් ඉව ඔස්සේ අත්අඩංගුවට ගැනිමට හැකිවූ බව පොලීසි කියයි.
Read Moreබොරැල්ල පෞද්ගලික රෝහලක සිදු වූ බව කියන වකුගඩු ජාවාරමේ ප්‍රධාන නියෝජිතයා ලෙස කටයුතු කළ පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreබොරතෙල් නැව දෙකකට ඩොලර් ගෙවීමට නොහැකි වීම නිසා දිනකට ඩොලර් ලක්‍ෂ 03ක් ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදුව ඇති බවත්, මේ වනවිට මෙම නැව් දෙක මෙරටට පැමිණ දින 04ක් ගත වී තිබෙන බව ඉන්ධන, විදුලි, වරාය සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
Read Moreලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බ්‍රසීලය හා දකුණු කොරියාව අතර පැවති අවසන් 16 දෙනාගේ වටයේ තරගය පැවැත්වූ ක්‍රීඩාංගණය බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවූවකි.
Read Moreලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ද.කොරියාව පරාජයට පත් කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැණීමට බ්‍රසීලය සමත්විය. මෙය දෝහා හි 974 ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.
Read Moreමෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී පෙරලිකාරම කණ්ඩායම බවට පත්වූ ජපානයට අවසන් 16 දෙනාගේ වටයේදී තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. ඒ් පසුගියවර අනුශූර ක්‍රොයේෂියාව හමුවේ දඩුවම් පහර 3-1 ක් ලෙසිනි.
Read Moreනයිට්‍රේට් පොහොර භෘවිත කිරීම සීමා කරමින් හරිත ගොවිතැනට මාරුවීමට ගොවීන්ට බලකිරීම සමග රජය සහ ගොවීන් අතර මත ගැටුමක්.
Read Moreලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පසුගියවර අනුශූරයින් වූ ක්‍රොයේෂියාවට ඉතා තියුණු සටනක් දී පරාජයට වීමට ආසියානු කලාපය ජපානයට සිදුවිය.
Read Moreපෞද්ගලික රෝහලකදී ඉන්ද්‍රියන් බද්ධ කළ බව කියන සිද්ධිය පිළිබඳව ඇතැම් මාධ්‍ය මගින් පළ වු වාර්තා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට සත් පුද්ගල විමර්ශණ කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පත් කරනු ලැබ තිබේ.
Read Moreවත්මන් චීන ජනාධිපති ෂි ජින්පිං ප්‍රමුඛ අග්‍රාමාත්‍යවරයා මෙන්ම චීන කොමියුස්ට් පක්ෂයේ ඉහළ නියෝජිතයන් ජියැන්ග් සෙමින්ගේ දේහයට අවසන් ගෞරව දැක්වූහ.
Read Moreලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති හා එහි අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම තනතුරුවලින් ඉවත්වන ලෙස විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ලිඛිතව සභාපතිවරයාට ලිපියක් මගින් දන්වා තිබේ.
Read Moreමෙරට සිදු වූ සීනි බදු වංචාව පිළිබඳ වහාම පරීක්‍ෂණයක් සිදුකරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අපරාධ විමර්ශන ඒකකය දැනුම්වත් කර තිබෙන බවත්, ඒ සඳහා අවශ්‍ය සියලුම සාක්‍ෂි සහ තොරතුරු කමිටුව හරහා ඉදිරිපත් කර තිබෙන බවත් එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසීය.
Read More