අගමැති වෙනස් කරන්නෙත් නැහැ - පොහොට්ටුවේ බෙදීමකුත් නැහැ
අගමැති ධූරය වෙනස් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, අගමැති ධූරය වෙනස් කිරීමේ සුදානමක් ඇති බවට පැතිර යන කතාව අසත්‍ය බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙය විපක්ෂය විසින් ගොතනු ලැබු කතාවක් පමණක් බවයි.
පොහොට්ටුවේ කිසිදු බෙදීමක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරයද සාවද්‍ය බවත් පෙන්වා දුන් ඇමතිවරයා, අවශ්‍ය මොහොතේදී පොහොට්ටුව රට වෙනුවෙන් ගත යුතු තීන්දුව ගන්නා බවද අවධාරණය කළේය.
කෘතහස්ත දේශපාලඥයෙකු වු දිවංගත රෙජී රණතුංග මැතිතුමාගේ 86 වන ඡන්ම දිනය නිමිත්තෙන් එතුමන්ගේ උඩුගම්පළ පිහිටි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය.
popular news
-
Deepal Nirosh Sunday, 23 April 2023 05:20 AM
වෙනස් කරන්න රටේ අගමැති කෙනෙක් නැහැ, බෙදෙන්න පොහොට්ටුවකුත් නැහැ. ඉතින් ඒ සිද්ධි මේ ජනාධිපති ධුර කාලය තුළ සිදු වෙන්නේත් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

