saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 4368 hours ago

LATEST

ආබාධ අඩු කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අළුත් භෞත චිකිත්සකවරයෙක්

calendar_today 2023 ජන 01 - 18:09 remove_red_eye - 758  

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙසින් එංගලන්ත ජාතික ක්‍රිස් ක්ලාක් පත් කොට ඇත. ඒ අද (01) සිටයි. ඔහු වසර දෙකක කාළ්යක් සඳහා මෙම ධූරයේ කටයුතු කරනබව බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

විදුලි ගාස්තු වැඩිවීමේ යෝජනාවෙන් අපේක්ෂිත මුලු ආදායමෙන් රුපියල් බිලියන 100ක් පමණ අය කර ගැනීමට අපේක්ෂා කරන්නේ ඒකක 90ට අඩුවෙන් භාවිත කරන ඒකකවලින් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.

Read More

මෑත ඉතිහාසයේ දින දර්ශන සහ දිනපොත් ඉතා සිමිත ප්‍රමාණයක් පමණක් මුද්‍රණය කල වසර 2023 වසර බව දින දර්ශන සහ දිනපොත් මුද්‍රණකරුවන් කියා සිටියි.

Read More

ගාස්තු වැඩිවීමත් සමග විදුලි පරිභෝජනය සියයට 15කින් පමණ අඩුව ඇති බව මහජන උපයෝගීතා කොමිෂයේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.

Read More

කලාකරුවන් සහ අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ව්‍යාපෘති පහක් යටතේ නිවාස ඒකක 1,996ක ඉදිකිරීම් කටයුතු මෙම වසර මුලදී ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි. මෙම නිවාස ඉදිකෙරෙන්නේ චීන රජයේ ණය ආධාර වැඩසටහන යටතේයි. චීන රජය යුවාන් මිලියන 552ක ණය ආධාර මුදලක් ප්‍රදානය කරන අතර ඒ සඳහා වන ගිවිසුම පසුගිය වසරේ ජනවාරි 9 වැනිදා අත්සන් තබා ඇත.

Read More

ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නාවික හමුදාව වෙත භාර ගැනීම 2022 දෙසැම්බර් මස 31 වන දින සහ අද දින (2023 ජනවාරි 01) කොළඹ ගාලු මුවදොරදී සහ නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

Read More

චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් (CEA) සිය පළමු C919 ගුවන් යානය සඳහා පැය 100ක සත්‍යාපන පියාසැරියක් සාර්ථකව නිමා කර තිබේ.

Read More

බස් එලවා නායකයෙක් විය නොහැකි බවත් බස් ගිනි තබාද නායකයෙක් විය නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

Read More

සංවිධානාත්මක කල්ලි නායකයෙක් බව කියන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් ‘කංජිපානි’ ඉම්රාන් ඇප මත මුදා හැර දින කිහිපයකට පසු ඉන්දියාවේ රාමේෂ්වරම් වෙත පළාගොස් ඇති බව ප්‍රා දේශීය පොලිස් වාර්තා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

Read More

මෙහිදී එන්.කේ ජයවර්ධන මහතා අවධාරණය කලේ ඉන්දියාව හා පකිස්ථානයෙන් බිත්තර ආනයනය කිරීමට තම සංගමයට අවසර දෙන්නේ නම් රුපියල් 30/= ත් 35/= ත් අතර මිලකට බිත්තර ලබා දීමට තමන්ට හැකි බවය.

Read More

2023 වසර දුෂිතයන් පලවා හරින වසරක් බව ජනතා විමුක්ති පෙරමුණේ පා.ම විජිත හේරත් මහතා පවසයි.

Read More

උදාවූ නව වසරේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනිම සඳහා දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් අද (01දා) පෙරවරුවේ සිට ශ්‍රී දළදා මාලිගාවට පැමිණ සිටියහ.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ තේ වගාව සඳහා ජම්බු රෝගය පැතිරයමින් පවතී. ළපටි දළු සියල්ල මේ රෝගය ට ගොදුරුවීම නිසා එම දළු කුණුවී යයි.

Read More

දිවයිනේ ප්‍රධාන වශයෙන් අද දිනයේදී වැසි රහිත කාලගුණයක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. අද දිනය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත්කළ නිවේදනයේ මේ බව සඳහන් වෙයි.

Read More

2022 වසරේදී පමණක් ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 240කට වැඩි නව ආධාර ප්‍රකාශයට පත්කළ බව ශ්‍රි ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය පවසයි.

Read More

රටේ සිදූ වූ පෙර නොවූ විරූ ආර්ථික කඩාවැටීම හමුවේ අප සියලු දෙනා මත පැටවී ඇති විශාල බර සහ අප බහුතරයක් අත්විඳින ලද පසුබෑම පිළිබඳ මනා වැටහීමක් මා සතුය. නමුත් අපි දැනටමත් මෙම අයහපත් කාලය පසුකර තිබෙන බව මම විශ්වාස කරන අතර 2023 නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් වනු ඇත.

Read More

මාස කිහිපයකට පසු අඹේවෙල හයිලන්ඩ් සමාගම විසින් නුවරඑලිය ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට ග්‍රැම් 400 හයිලන්ඩ් කිරිපිටි අලෙවි කිරිම (31) දින සිදු කරනු ලැබීය.

Read More

හිටපු 16 වැනි බෙනඩික්ට් පාප් වහන්සේ ස්වර්ගත්ථ වූ බව වතිකානුව නිවේදනය කලේය. ස්වර්ගස්ථ වන විට උන්වහන්‌සේ 95 වැනි වියේ පසුවූහ.

Read More

මොරොන්ත ඔයේ දිය නාමින් සිටි අවුරුදු 16ක දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. මොරොන්තඔයේ අලිපිල්ලම නාන මංකඩදී ඔහුගේ තවත් යහලුවෙකු සමග දිය නාමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. මෘත ශරීරය පොල්ගොල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි පොලීසිය කියයි.

Read More

2022 වන විට ජනාධිපති අරමුදලට ලැබුණු අයදුම්පත් 11,000න් 10,360ක වැඩ අවසන් 2022 දී වෛද්‍යාධාර වෙනුවෙන් රුපියල් මිලියන 1500ක් ගෙවයි 2023 දී ජනාධිපති අරමුදලේ කටයුතු වඩාත් කාර්යක්ෂමව සහ පුළුල්ව ඉටුකිරීමට ජනපතිගෙන් උපදෙස්

Read More

හික්කඩුව, ගාල්ල, බද්දගම යන නගරවල පිහිටා ඇති රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍ර හරහා එකම ආකාරයක වංචා තුනක් හරහා මුදල් රුපියල් කෝටියක අධික ප්‍රමාණයක් සොරකම් කර ඇතැයි පොලීසිය පවසයි.

Read More

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මසට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය තවදුරටත් පහළ ගොස් තිබේ.

Read More

බද්දේගම නගරයේ පිහිටි මහජන බැංකු ශාඛාවේ ATM යන්ත්‍රය මගින් විදේශීය ජාතිකයින් දෙදෙනෙකු විසින් අයථා ලෙස රුපියල් ලක්ෂ 57 ක මුදලක් රැගෙන පළා ගොස් ඇතැයි එම බැංකුවෙන් පැමිණිල්ලක් අද (30) පස්වරුවේ ලැබුණු බව බද්දේගම පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.එෆ්.යූ ප්‍රනාන්දු මහතා ජනාධිපති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඔගස්ටස් පෙරේරා වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අහලකෝන්, උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඊ.එම්ප.යූ විජිත ගුණරත්, ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර, කෑගල්ල දිසාව භාරනියෝජ්‍ය පොලිස්පති චම්පික

Read More

විසිවන සියවසේ බිහිවූ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙසින් සැලකෙන ‌පේලේගේ අභාවය හේතුවෙන් තෙදිනක ශෝක කාළයක් ප්‍රකාශයට පත්කිරීමට බ්‍රසීල ජනාධිපති ජෙයා ‌බෝල්සොනාරෝ පියවර ගෙන ඇත.

Read More

රජය සමග එක් වි තම සංගමය උත්සව සමයේ සහනදායි මිලකට තාවකාලිකව බිත්තර අලෙවි කිරිමට පියවර ගත් බවත්, ලබන වසරේ මුල් මාසය වන විට බිත්තර ඉල්ලුම අඩුවිම හමුවේ බිත්තර සිල්ලර මිල අඩුවන බවද අජිත් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසිය.

Read More

පොලිස් අත්අඩංගුවට පත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය .

Read More

මන්නාරම සහ තලෙයිමන්නාරම් ප්‍රධාන මාර්ගයේදී තාරාපුරම් ප්‍රදේශයේදී ඊයේ (29) දින පොලිස් ජිප් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගිය බව මන්නාරම් පොලීසිය පවසයි.

Read More

අද ජනතාවෙන් සියයට පනහක් ඉන්නේ බ ගින්නේ බවත් මේ දිනවල තමන් දේශපාලනය කතා නොකන බවත් සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

Read More

2022.11.16 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 2306/35ට අනුව‚ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොළඔ පිහිටි ප්‍රධාන කොන්සියුලර් කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල හා විදේශයන්හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් 2023 ජනවාරී මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ලේඛන/සහතික සත්‍යාපන කිරිමට අදාල ගාස්තු සංශෝධනය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.