එක්සත් ජාතික පක්ෂයත් එකතු කරගෙන ගමනක් යාමට බලාපොරොත්තු වන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමගි ජන බලවේගය තුළ සිටින බවත් එසේ නමුත් මන්ත්‍රීවරුන් බිලිබාගෙන එම ගමන යාමට උත්සාහ උත්සාහ කළහොත් එය අසාර්ථක වන බවත් මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි.
ඒ මහතා ඒ බව අවධාරණය කර සිටියේ ඊයේ (27) කුණ්ඩසාලය කලාපුරය ප්‍රදේශයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
ප්‍රපාතයේ වැටී තිබෙන මෙම රට ගොඩ ගැනීම සඳහා සාකච්ඡා මාර්ගයෙන් ප්‍රතිපත්ති රාමුවක් තුළ සිටිමින් එකතු වී වැඩ කටයුතු කිරීමට සියලු දෙනාට වගකීමක් තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය පියවර ගත යුතුව තිබෙන බව ද ඔහු අවධාරණය කළේය .
ගුවන් තොටුපලේ සිද්ධියෙන් පසු මහජන මන්ත්‍රීවරුන් හෑල්ලුවට පත් වී තිබෙන බවත් එම මන්ත්‍රීවරයා පිළිබදව රටට දැනෙන පියවරක් දැඩි ලෙස ගන්නා ලෙස පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙන බවද පැවසීය .
ස්වාධීන කොමිෂන් සභාවලට ඇතිව තිබෙන බලපෑම් වලින් පෙනී යන්නේ විධායකයේ අවශ්‍යතාවයට ව්‍යවස්ථාදායකය භාවිතා කරන බවක් යැයි පැවසූ මන්ත්‍රීවරයා ස්වාධීන කොමිසන් සභා යැයි පැවසුවද ඊට පත්වන්නෙ රජයට හිතවත් පුද්ගලයන් බවත් යම් සභාපතිවරයකු රජයේ ප්‍රතිපත්තිවලට එරෙහි තීරණ තීන්දු ගත් විට පාර්ලිමේන්තුවේ බහුතරය භාවිතා කරමින් ඔහු එලවා දැමීමට කටයුතු කරන බවද පැවසීය .
මෙවැනි සිදුවීම් වලින් පෙනී යන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය වෙනස් වී නොමැති බවත් ජනතාවට මේ තත්වය වෙනස් කර ගැනීමට උවමනාවක් තිබුනත් ඊට ඉඩකඩ නොදී ප්රජාතන්ත්රවාදය හෑල්ලුවට ලක් කරමින් තිබෙන බව ද අවධාරණය කළේය .
මේ විකෘති පාර්ලිමේන්තුවේ බහුතරය සමගරට ගොඩ ගැනීමඑතරම් ලේසි නොවන බවත්ඒ සඳහා පළමුව ජනාධිපතිවරණයක් හෝලබා දිය යුතුව තිබෙන බවද පැවසීය.