2023 වසරේ මේ වන විට (මැයි 28දා තෙක්) ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 38000 ක් ඉක්මවා වාර්තාවී ඇති බවත් ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 24 දෙනෙක් මියගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය පැවසුවාය.
වෙනත් වසරවලදී සාමාන්‍යයෙන් මෝසම් වැසි කාල සීමාවල මාසයක් තුල වාර්තාවන රෝගීන් සංඛ්‍යාව 450 -500 අතර වෙයි . එහෙත් මේ වසරේ සමාන කාල සීමා වල මාසයකට රෝගීන් 1000 – 1500 ක් පමණ වාර්තාවීම වසර 2017 වැනි ඩෙංගු අධි වසංගතයකට රට ගමන් කිරීමේ පෙර මග සලකුණු බවද වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය අනතුරු අඟවයි.
ඊලග මෝසම් කාලයට රට මුහුණ දෙන්නේ ඩෙංගු රෝගීන් 38000 ක් සහිත රටක් ලෙස බවත් එය ඉතාම බරපතල තත්වයක් බවත් විශේෂඥ වෛද්‍ය අනෝජා මහත්මිය පෙන්වා දෙයි.