ඌව පලාතේ බදුල්ල නගරයේ පිහිටි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨය 2023 මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඒ අනුව ප්‍රථම වරට වෛද්‍ය සිසුන් 50 දෙනෙකු ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට බඳවා ගැනීමට සැලසුම් කර ඇත.
අමාත්‍යවරයා මේ අදහස් පලකලේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සිදුකල නිරීක්ෂණයට සහභාගි වීමෙන් අනතුරුවය.
මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමේ පලමු පියවර ලෙස මෙවර උසස් පෙල විද්‍යා විෂය ධාරාවෙන් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට විශ්ව විද්‍යාල සුදුසුකම් ලබන සිසුන් අතරින් 50 දෙනෙකු තෝරා ගැනීමට ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය තීරණය කොට ඇත.මේ වන විට ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සඳහා වන ගැසට් පත්‍රය 2023 මාර්තු නිකුත් කර ඇත.
මෙම නව වෛද්‍ය පීඨයේ මූලික කටයුතු සම්පාදනය වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුපියල් මිලියන 200 ක් 2023 වසරේ අයවැයෙන් වෙන්කොට තිබෙන අතර විශ්ව විද්‍යාලයේ දැනට පවත්නා රසායනාගාර අදාල උපාධි පාඨමාලාවන්හි ප්‍රායෝගික පුහුණු සඳහා යොදා ගැනේ.
මෙම නව වෛද්‍ය පීඨයේ මූලික සැලසුම් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කොට ඇති අතර එය පදනම් කරගනිමින් බදුල්ල පලාත් රෝහල වෛද්‍ය සිසුන්ගේ පුහුණුවීම් සහ සායනික කටයුතු සඳහා ශික්ෂණ රෝහලක් ලෙසට මෙම මැයි මස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කරන ලදී.