ශ්‍රී ලංකාවේ තම ඉන්ධන හල් මෙහෙයුම් සඳහා හෝ ඒ හා සම්බන්ධිත ව්‍යාපාර සඳහා තෙවන පාර්ශ්වයක් හෝ විදේශීය ඒජන්සියක් යොදා ගෙන නොමැති බව සිනෝපෙක් ලංකා සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම තම සමාගමට ලබාදෙන ඉන්ධන හල් බලපත්‍ර වෙනත් පාර්ශ්වයක් වෙත ලබාදීමට අදහසක් නොමැති බවත් තම සමාගමේ කීර්තිනාමයට හානියක් කරන පාර්ශ්ව වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔවුන් පවසයි.
ශ්‍රී ලංකාවේ ඉන්ධන ව්‍යාපාරය සඳහා එක්වීමට නියමිත සිනෝපෙක් සමාගම එම මෙහෙයුම් කළමණාකරණය කිරීම වෙනුවෙන් තෙවැනි පාර්ශ්වයක් යොදා ගැනීමට කටයුතු කරමින් සිටින බවට වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් ඔවුන් මෙම නිවේදනය නිකරත් කර තිබේ.