saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 4160 hours ago

LATEST

ශ්‍රී ලාංකිකයන් දෙදහසකට මේ වසරේදී ඊශ්රා‍යලයේ රැකියා අවස්ථා

calendar_today 2023 පෙබ 17 - 09:17 remove_red_eye - 372  

ඊශ්‍රායලයේ සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා දෙදහසක් මේ වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමටත්, සාත්තු සේවිකාවන්ට එහිදී ප්‍රමුඛතාවය ලබාදීමටත්, මෙරටට පැමිණ සිටින විශේෂ නියෝජිත කණ්ඩායම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික වී තිබේ.

ගැට කිඹුල් පැටියෙකු සන්තකයේ තබාගනිමින් විදේශිකයින්ට පෙන්වා මුදල් ලබාගත් පුද්ගලයෙකු ඊයේ (16) අත්අඩංගුවට ගත්බව අලූත්ගම පොලිසිය පවසයි.

Read More

යම් මැතිවරණයක් මුදල් නොමැති බව පවසා කල්දමන්නේනම් ඕනෑම මැතිවරණයක් එලෙස කල්දැමීමට හැකිවන බවත් ඡන්දයක් නොපැවත්වීම හෝ කල්දැමීම අපරාධයක් බව මැතිවරණ කොමිෂමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේය.

Read More

රග්බි ලෝක කුසලානයේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන වෙබ් එලිස් කුසලානය ලාංකිකයන්ට දැක ලබා ගැනීමට අවස්ථාව උදාවී තිබේ.ඒ අනුව සති අන්තයේදී කොළඹදී හා මහනුවරදී මෙම කුසලානය දැක ගැනීමට අවස්ථාව ලැබෙයි.

Read More

බදු ගෙවන ජනතාවගේ මුදල් වලින් බන්ධනාගාර රැදවියන් නඩත්තු කිරීම වෙනුවට රැදවියන්ගේ ශ්‍රමය වැය කරමින් උපයන ලද මුදල් වියදම් කරමින් බන්ධනාගාර පද්ධතිය පවත්වා ගෙන යාමේ වැඩ පිළිවෙලකට යොමු වෙමින් පවතින අතර, වාර්ෂිකව බන්ධනාගාර රැදවියන්ගේ ආහාර සදහා වියදම ලෙස රුපියල් බිලියන 4.7 ක් හා බන්ධනාගාර පද්ධතිය වෙනුවෙන් වසරකට රුපියල් බිලියන 11 ක් වැය බව ද කොමසාරිස්වරයා වැඩිදුරටත් සදහන් කළේය.

Read More

ශ්‍රී ලංකාවේ අර්තාපල් වගාව සදහා යොදා ගනු ලබන ඉඩම් සුවිශේෂි ඉඩම් වන හෙයින් එම ඉඩම්වල වෙනත් බෝග වර්ග වගා කිරීමට හෝ ඒවායේ ගොඩනැගිලි හා වෙනත් ඉදි කිරීම් සදහා භාවිතා නොකරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාතයාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Read More

කොරෝනා වෛරසයේ මූලාරම්භය සහ එය මිනිසුන් අතර පැතිරීම ආරම්භ වූ ආකාරය සොයා ගැනීම අනාගත වසංගතවලට අතිශය වැදගත් සොයා ගැනීමක් වනු ඇති බව කියැවේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් පෙරේදා (15දා) එළිදක්වා තිබූ කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම් අනුව ටෙස්ට්, එක්දින හා විස්සයි20 යන ආකෘති ත්‍රිත්වයේම අංක එකේ කණ්ඩායම ලෙස ඉන්දියාව නම්කර තිබුණද, එය තාක්‍ෂණික දෝෂයක් මත සිදුවූබවක් බව අයි.සී.සී.ය සඳහන් කරයි.

Read More

රජයේ මුද්‍රණ දේපාර්තමේන්තුව සඳහා විවිධ ආයතනවලින් හිග මුදල් වශයෙන් රුපියල් දහඅට කෝටි,තිස්තුන් ලක්ෂ, අනුහතර දහස්, තුන්සිය හතලිස් හයක මුදලක් (183,394,346) අයවිමට ඇතත් 2021 වර්ෂය තුළ දි ඉන් අයකරගෙන ඇත්තේ රුපියල් දෙකෝටි, පනස් එක් ලක්ෂ, අසු දහස් හයසිය අනු අටක (25,180,698) මුදලක් පමණක් බව ජාතික විගණන කාර්යාලයේ නිලධාරියෙකු විසින් කළ විමසීමකදී සඳහන් කරන ලදි.

Read More

මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාග ලෙස ලැබුණු පිළිකා ඖෂධ එන්නත් තොගයක් අළෙවි කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහා සොයා බලා ඉතා කඩිනම් පරීක්ෂණයක් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙත අද (16) උපදෙස් ලබා දුන්නේය.

Read More

බ.ඉ.කොදෙව් එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් හි නව නායකයින් ලෙසින් ෂේ හෝප් හා රොව්මාන් පවෙල් පත්කොට ඇත.

Read More

මේ ගාස්තු සංශෝධනය කළේ පසුගිය කාලයේදී ලංකා විදුලි බල මණ්ඩලය ලැබූ අලාභයන් පියවා ගන්න නෙමෙයි. මේ ගාස්තු සංශෝධනය කරලා තියෙන්නේ අද ඉදලා විදුලිය උත්පාදනය කර ගන්න යන වියදම් ආවරණය කර ගැනීමට පමණයි.

Read More

මැතිවරණය කල් දැමීම සමඟ රටේ උද්ගතවී ඇති තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව වහාම කැඳවන්නැයි ව්පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනෙක් සිය අත්සන් සහිත ලිපියක් යොමු කරමින් අගමැතිවරයාගෙන් සහ කතානායකවරයාගෙන් ඊයේ (15) ඉල්ලීමක් කර තිබේ.

Read More

නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශයේ සිට ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා ජලය රැගෙන යන විශාල නලයක සති තුනක් තිස්සේ විශාල ජල කාන්දුවක් සිදු වන බවත්, එම ජල කාන්දුව නතර කිරිමට විදුලි බල මණ්ඩලය කිසිදු පියවරක් ගෙන නොමැති බව ජල කාන්දුව සිදු වන ස්ථානය අවට පදිංචිකරුවන් පවසයි.

Read More

සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලූම පීඨවල 2020/2021 කණ්ඩායමේ ශිෂ්‍යයින් හැර අනෙකුත් ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාලය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දමා තිබේ. ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පළමු වසර සිසුන්ට කළ පහරදීමක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

Read More

කොල්ලුපිටිය මර්චන් ටවර් ගොඩනැගිල්ලේ 6 වැනි මහලේ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ කාර්යාලයට මුද්‍රා තැබීමට පොලීසිය කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ වාර්ෂික වියළි මිරිස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 55,000කි. මෙතෙක් අප රටේ නිපදවන ලද්දේ මෙට්‍රික් ටොන් 5000ක් පමණක් වන අතර ඉතිරි 50,000ම ආනයනය කරනු ලැබ තිබේ.

Read More

අපි කැමති නෑ ජනතාව මත පමණක් බර පටවලා මේ ක්‍රියාවලිය කරගෙන යා යුතුයි කියන එක නෙමෙයි අපේ මතය. විකල්ප පිළිබඳව අධ්‍යනය කිරීමෙන් පසුව අපිට මේ තීරණය තමයි අපිට අකමැත්තෙන් වුණත් ගන්න තිබුණේ

Read More

උණවටුන වෝටර් ගේට් හෝටලයේ නැවතී සිටි රුසියානු ජාතික කාන්තාවකගේ හා තවත් පුද්ගලයන් දෙදෙනෙකුගේ ඇමෙරිකානු ඩොලර් 16100ක්, රුසියානු රූබල් 195000ක් හා යූරේ 200ක් සොරකම් කිරීමකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.මෙම සිදුවීම සම්බන්ධයෙන් එම හෝටලයේ හිමිකරු ඇතුළු තිදෙනෙක් මීට පෙර අත්අඩංගුවටගෙන තිබුණි.

Read More

’’අනේ සර් සල්ලි ටිකෙන් ටික එකතු කරලා රුපියල් 53000 දිලා දත් ඇන්ඳක් දාගත්ත . මාස පහයි තිබුණේ ඒක කඩල බේසමට වැටුණා. සර් මට සාධාරණයක් කරලා දෙන්න’’

Read More

විදුලි ගාස්තුව වැඩිකිරීමට සමගාමීව බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩිකිරීමට තීරණය කර තිබේ. මේ අනුව එම ආහාරවල මිල 10%කින් වැඩි කිරීමට නියමිතය.

Read More

අර්තාපල් කිලෝව රුපියල් 20කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 375කි. ලොකු ලූණු කිලෝව රුපියල් 10කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 149කි. සම්බා සහල් (ආනයනික) රුපියල් 7කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 198කි. රතු පරිප්පු රුපියල් 7කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 358කි. රතු කැකුළු සහල් (දේශීය) රුපියල් 5කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 164කි. සදු කැකුළු සහල් (ආනයනික) කිලෝව රුපියල් 5කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 179කි.

Read More

විදුලි ගාස්තු සංශෝධනය වීමත් සමග අද (16) සිට විදුලි කප්පාදුව නවත්වන බවත් ඒ අනුව අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බවත් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

විදුලි ගාස්තු සංශෝධනය කිරීමත් සමග බාධාවකින් ‌තොරව විදුලි පාරිභෝගිකයන් වෙත විදුලිය සපයන ලෙසට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාට මෙන්ම ආදාළ අංශ වෙත උපදෙස් දුන් බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

ඉදිකිරීම් කර්මාන්ත පුනර්ජීවන කමිටුව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය.

Read More

ඔවුන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාම සදහා ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තය භාවිතා කර ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව වැඩිම එලවළු තොග සපයන නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අඹන මහ වෙල් යායේ වගාකර ඇති දඹල වල මිළ පහළ යාම හේතුවෙන් ගොවින් මහත් අසිරුතාවට පත්ව ඇතැයි අඹන ගොවි සංවිධානය කියයි.

Read More

මඩකලපුව බන්ධනාගාරයේ රැඳවියන් විසින් සිදු කරන ලද සහල් අස්වනු නෙලීමේ උත්සවය ඊයේ (15) පෙරවරුවේ බන්ධනාගාර අධිකාරී එන්.ප්‍රභාකරන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

රජයේ මුද්‍රණාලයාධිපතිනිය, පොලිස්පති සහ මහාභාණ්ඩාගාර ලේකම්වරයා මැතිවරණයට බාධා කිරීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Read More

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයෙකු මුතියංගන පුජා භුමිය ඉදිරියේදි මත් පෙති 145ක් මුදලට අළෙවිකිරීමට යාමේදි පොලිස් විශේෂ කාර්ය්‍ය බලකාය මගින් ඊයේ (14දා) රාත්‍රි අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.