විද්‍යාපීඨ කථිකාචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්න විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල උපකමිටුවට එම යෝජනාව ඉදිරිපත් කරන ලදුව 2024 ජනවාරි මස සිට අදාළ වැටුප් ගැටලුව විසඳීමට ප්‍රතිපත්තිමය එකඟතාව ලබා ගැනීම සඳහා කටයුතු කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එසේ ම විද්‍යාපීඨවල පවත්නා අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ගැටලු විසඳා ගැනීමට ලෝක බැංකුවේ 'GEM' ව්‍යාපෘතිය සමඟ සාකච්ඡා කර හදිසි අලුත්වැඩියා හා නඩත්තු කටයුතු සඳහා ප්‍රතිපාදන ලබා ගැනීමට ද කටයුතු කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි
එබැවින්, විද්‍යාපීඨ බඳවා ගැනීම් සඳහා නියමිත නව ශික්ෂණලාභීන් ලියාපදිංචි කිරීම 2023 අගෝස්තු මස 10 වැනි දින සිට ආරම්භ කිරීම පිළිබඳව පීඨාධිපතිවරුන් දැනුම්වත් කිරීමට කටයුතු කර ඇතැයිද එම අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.