එළඹෙන සැප්තැම්බර් මසදී පැවැත්වීමට නියමිත අයි.එම්.එෆ්.හි පළමු සමාලෝචනයට අනුකූලව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකාව අදහස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.
හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ ඔස්ට්‍රේලියාවේ සී.පී.ඒ ආයතනය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමිනි.
ඒ අනුව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ,“අපි ආරම්භ කර ඇති පුළුල් හා දිගුකාලීන ප්‍රතිසංස්කරණ, ආර්ථික ස්ථාවරත්වයේ පැහැදිලි ලකුණු පෙන්නුම් කරනවා. රාජ්‍ය වියදම් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා රජය විසින් දැඩි ක්‍රියාමාර්ග ගනු ලැබුවා. කෙසේ නමුත් අපි ඉදිරියේ තවත් දිගු ගමනක් තිබෙනවා” යනුවෙනි.